(ඉන්දිකා රාමනායක)
පොතුවිල් සෙල්වපුරම් කැලෑ ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටි වන අලියෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
වනයට ගොස් සිටි පුද්ගලයකු එම මළ සිරුර දැක ඊයේ (9) සවස සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය දැනුවත් කර තිබෙනවා.
වන අලියාගේ සිරුරේ වෙඩි ප්‍රහාර තුනක් පමණ දක්නට ලැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මීට දින කිහිපයකට පෙර කිසිවකු විසින් වන අලියාට වෙඩි තබන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.
වෙඩි තැබූ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා බිමකදි වෙඩි තියන්න ඇති...!
අපේ ලාල් කාන්ත මහත්තයා කිව්වා අපිට සතුන්ට ඕන දෙයක් කරන්න කියලා. ඔන්න කෙරුවා.
අවුරුදු පහ ඉවර වෙද්දී ලංකාවේ අලි ටිකත් ඉවරවෙන පාටක් තියෙන්නේ.