ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි ජනාධිපතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පැවසීය. 17 July 2024
ජනාධිපති ඡන්දෙට සල්ලි හරි ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ එල් රත්නායක මහතාට අද (17) දැනුම් දුන්නේය. 17 July 2024
පොල්තෙල් සඟවලා මිලත් ඉහළ දමලා කෘතිම හිඟයක් මවමින් පොල්තෙල් තොග සඟවා අධික ලෙස ඉහළ දමා පොල්තෙල් අලෙවි කර කෝටි ගණනින් ලාබ ලැබීමේ වෙළෙද මාෆියාවක් රටපුරා ක්‍රියාත්මක වන බව පිටකොටුව තොග වෙළෙද පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 July 2024
අනුරාධපුරයේ ’’වෙස්සගිරිය’’ ඉසුරුමුණියේම කොටසක් අනුරාධපුර පූජා නගරයේ ’’වෙස්සගිරිය’’වර්තමාන ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා පැවැසීය. 17 July 2024
භාණ්ඩ 18කට මිල පරාසයක් නිකුත් කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය. 17 July 2024
පාරිභෝගිකයන්ට සහන දෙන්න පාරිභෝගික අධිකාරිය සැරසෙයි ඉන්ධන, ගෑස් මිල සහ විදුලි ගාස්තු පහළ දැමීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල පහළ දමා පාරිභෝගිකයාට සහන සැළසීමට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා අද (17) පැවසීය. 17 July 2024
ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට කැබිනට් සංදේශයක් එළඹෙන ජනපතිවරණ අපේක්ෂකයන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය. 17 July 2024
සඳේ ගුහාවක් හමුවෙලා සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. 17 July 2024
කුඩා දරුවකුට පහර දුන් කතුන් 4ක් අල්ලයි අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි. 17 July 2024
’’එල් බෝඩ්’’ පක්ෂවලට මේ වෙලාව නෙමෙයි ’’එල් බෝඩ්’’ දේශපාලන පක්ෂ වලට අනාගතයේ යම් දවසක රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි නමුත් මේ මොහොතේ පාලනය ලබා දිය යුත්තේ අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 17 July 2024
ඩිල්ෂාන් මධුසංඛ සියයට 10ක දඩයක් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ. 17 July 2024
කොහුවල ගුවන් පාලම විවෘත කෙරෙයි කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) විවෘත කෙරිණි. කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) විවෘත කෙරිණි. 17 July 2024
පේරු බසය පෙරළී 23 ක් මරුට පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 14 කි. 17 July 2024
ස්ටෙගෝසෝරස් අස්ථි වෙන්දේසියේ ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ස්ටෙගෝසෝරස් වර්ගයේ මෙම ඩයිනසෝරයාගේ අස්ථි ‘ඒපෙක්ස්’ යන නමින් හැදින්වෙයි. 17 July 2024
මෛත්‍රී පිලේ අපේක්ෂකයා සූදානම් ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 17 July 2024
පාතාලය ගැන පොලිසියෙන් හෙළිදරව්වක් විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායිහි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ. 17 July 2024
නානුඔය දුම්රිය පොළ අලුත් වෙයි නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 July 2024
අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙයි. 17 July 2024
වැවිලි පෝර මිල ඇඟට දැනෙන ගානකින් අඩු කරයි කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිත කරන පොහොර වර්ග පහක මිල අද (17) සිට රුපියල් 1500 - 2000 අතර මිල ගණන් වලින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 17 July 2024
රට ගිහින් එන විට සල්ලි මාරු කර ගන්න තැන් පහකට කොන්ත්‍රාත්තුව කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටු පොළෙහි පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්යයවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 July 2024
පොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 17 July 2024
පොලිසියෙන් මැකෝට වියදම් ලැයිස්තුවක් ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක වැඩපිළිවලට අදාළ සමස්ත වියදම් ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 17 July 2024
නිධන් ගන්න ගිය හිමි නම ඇතුළු තුනක් එස් ටී එෆ් දැලේ නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරීමට භාවිතා කල උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 17 July 2024
අණ නොතැකූ රියට වෙඩි : අයෙක් රෝහලේ කිලිනොච්චිය කුඩමුරුට්ටි හිදී නොනවත්වා ධාවනය කළ ටිපර් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 17 July 2024
සුළං තවදුරටත් :වැස්සත් තැනින් තැනට සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 July 2024
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වන බව සීක්රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය අනතුරු අඟවා තිබේ. 17 July 2024
විවෘත වරෙන්තුවත් තියාගෙන මන්ත්‍රී සබ්රි උත්සවයකට ඇවිත් කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්රි රහීම් මහතා අද (16 )දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති. 17 July 2024
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙක් මරුට අම්බලන්ගොඩ කන්ද මාවත පදේශයේදී අද (16) රෑ සිදුවු වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 16 July 2024
උපාධිධාරි තරුණිය හදිසියේ මියගිහින් ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත් වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මිය ගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි. 16 July 2024
අධිකරණ විස්කි සිද්ධියේ තව අය සීටීනම් අල්ලන්න කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994 අතුරුදහන් කළේ යැයි කියන භාණ්ඩ භාරකරුට අධාර අනුබල දුන් තවත් පුද්ගලයින් අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය. 16 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026