IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාල සීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක් බැගින් සහ ඉන්ධන වශයෙන් භුමිතෙල් භාවිත කරන ධීවරයින්ට දිනකට භුමිතෙල් ලීටර 15ක් බැගින් මාසික උපරිම දින 25 ක් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25/- බැගින් " ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්" ලබා දීමට 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී ඇත. 

ඒ අනුව, ඉන්ධන වශයෙන් භුමිතෙල් භාවිත කරන කුඩා යාත්‍රා වලට අදාළව මෙම සහනය ලබා දීම වඩාත් සරල කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය කුඩා ධීවර යාත්‍රා සඳහා අදාළ ධීවර යාත්‍රා හිමියන්ට මාසිකව රුපියල් 9,375/- ක " ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් " 2024-11-01 දින සිට මාස 05 ක කාලයක් සඳහා ලබා දීමටත්, ඩීසල් යාත්‍රා හිමිකරුවන් සඳහා දැනට ලබා දෙන සහනය පෙර පරිදිම ලබා දීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක්

රුවන් Tuesday, 10 December 2024 12:55 PM

ලංකාවේ මත්ස්‍ය කර්මාන්තය ඩොලර් බිලියන ගාණක් ඒත් නිසි අවධානයක් නෑ...!

:       0       0

අපි හැමෝගෙම ආණ්ඩුව Tuesday, 10 December 2024 06:44 PM

ධීවරයින් වෙනුවෙන් ලොකු හස්තයක් ක්‍රියාත්මක වන බව පේනවා. ගොවියන් වෙනුවෙන් කුඩම්මාගේ සැලකිලි ඇයි?

:       1       1

රුවන් Tuesday, 10 December 2024 08:33 PM

ලංකාවේ ධීවර නිෂ්පාදන වලින් ඩොලර් බිලියන ගාණක් හොයන්න පුළුවන්. ගොඩක් අය ඒක දන්නේ නෑ. ඒකයි ඉන්දියාවේ අය ලංකා මුහුදු සීමාවට එන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site