
(අංජුල මහික වීරරත්න)
2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
මේ අනුව එහි එක් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට, සෞඛ්‍යට වැඩි ප්‍රතිශතයක්, යුද වියදම් ඇතුළු ආරක්ෂවට අඩු ප්‍රතිශතයක් අවශ්‍යයි. ආහාර සහ කෘෂිකර්මයටත් වැඩි බරක් අවශ්‍යයි. කියමනක් තියනවනේ නිසි සෞඛ්‍ය, අධ්‍යාපනය, පෝෂණය නැතුව රටක් අනාගතයක් නෑ කියලා.
ඔයා කොහොම කළත් IMF එක කියන විදිහට තමයි වියදම් කරන්න වෙන්නේ... වැට් අඩු නැහැ. ලයිට් බිල අඩු නැහැ. ඉන්ධන අඩු නැහැ. ඕක තමයි අන්තිමට වෙන්නේ...
ඔව් ආරක්ෂක වියදම් කියලා නිළධාරින්ගේ ළමුන් පාසලට ගේන එක ගෙනියන එකට මහජනතාවගේ මුදල් යෙදවීම කළ යුතු නැහැ,