IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඒ.එස්.පී නෙවිල් සිල්වා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

2023 වර්ෂයේ අගෝස්තු 2 වෙනි දින රත්නපුර කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14 ක් පමණ වටිනා වාහන සහ මැණික් ඇතුළු දේපළ තොගයක් එම ප්‍රදේශයේ පුද්ගලයකු බලහත්කාරයෙන් ලබාගත් බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එකී පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බලහත්කාරයෙන් එම දේපළ ලබා ගත් බව කියන පුද්ගලයාව එම දේපළ සමග කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් එම දේපළ පැමිණිලිකරු වෙත ඒක පාර්ශ්විකව ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලකට අනුව අනාවරණය වීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් නිසි ක්‍රමවේදයකින් තොරව එම දේපළ පැමිණිලිකාර පුද්ගලයා වෙත භාරදී ඇති බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.

 



අදහස් (2)

ඒ.එස්.පී නෙවිල් සිල්වා අත්අඩංගුවට

kasun Monday, 09 December 2024 09:58 PM

මේ අයට ප්‍රසිද්ධියේ ගල් ගහන්න දෙන්නකෝ...!

:       0       0

sam Tuesday, 10 December 2024 07:10 AM

ඒ කියන්නේ හැම අංශයකම හොරු රජ කරපු.. කඩා වැටුණු රටක්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17390 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site