
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩිසල් එන්ජින් 22 ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩි දියුණු කළ එන්ජින් 20 ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 2 ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර ඇත.
එකී දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 5ක කාලයකට ලබා දීම සඳහා වන නොකැඳ වූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ප්‍රදානයක් වශයෙන් ලබා දෙන අදාළ දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, එකී දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මඟින් එම කාර්ය ඉටු කරවා ගැනීම යෝග්‍ය බවත් ව්‍යාපෘති කමිටුව විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව, ප්‍රථම කොට අදාළ ප්‍රදාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22 ක ප්‍රදානය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුම්රිය තාක්ෂණික ගැටළු ඇති... ඒවා කඳුකර මාර්ගවල ගමන් කළ නොහැකි සහ තිරිංග පද්ධතියේ දෝෂ ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් විසින් දන්නවා ඇති අතර... ලංකාවට සුදුසු නොමැති බව ප්‍රකාශ කර ඇති... දැන් මෙකී අය සම්බන්ධව මොකද කියන්නේ...?
පෙට්ටි ගණනට එන්ජින් තිබුණත් වැඩක් නැහැ. ස්ට්‍රයික්නේ හැමදාම...
ඉස්සරත් ඔය වගේ එන්ජින් අපිට ලැබිලා තියෙනවා... ඒවා තාම එතනමයි. ඒ කාලේ අපේ නිලධාරීන්ගේ වැඩ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩිසල් එන්ජින් 22 ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් වශයෙන් ලබා ඇත. සෑම ප්‍රදානයක්ම ප්‍රදානයක් නොවේ. මෙය ප්‍රදානයක් වුවත් මෙම ප්‍රදානය ලබාදීම මගින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව රවටා ඇති බවක් පෙනේ. ප්‍රදානය මගින් ඉන්දියාව යම් ආකාරයකට වර්තමාන මාලිමා ආණ්ඩුව සමග මිත්‍රත්වයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම සහ මෙම ප්‍රදානය ඉන්දියාවට වාසි සහගත ප්‍රදානයකි. ලංකාවට වන්නා වූ අවාසිය පිළිබඳව රජය සොයාබැලීමක් කළයුතු වේ...
තව වසර ගණනාවකට අමතර කොටස් ගන්න වෙන්නේ ඉන්දියාවෙන් නේද?
මට මතකයි මීට පෙරත් තවත් රටකින් ගෙන්වන ලද දුම්රිය අංගන සහ මැදිරි වගයක් ධාවනයට බැරිව ගාල් කරලා තියෙනවා කියලා පුවත් පත් වල සඳහන් කරලා තිබුණා...