IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සමාජ මාධ්‍යවේදියකුට, හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්

(රෝෂන් තුෂාර)

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අසත්‍ය,ද්වේශ සහගත ,අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්වමින් මාධ්‍යවේදියකුට හා යුද හමුදාවේ සොල්දාදුවන් දෙදෙනකුට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නිකුත් කළේය.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන විතාරණගේ තුෂාර සාලිය රණවක සමාජ ක්‍රියාකාරී මාධ්‍යවේදියාට හා ශාලාව හමුදා පුහුණු කඳවුරේ සොල්දාදුවන් වන හෙට්ටිආරච්චි හා නුවන් යන අයට මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබන 10 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට විත්තිකරුවන්ට නොතීසිද නිකුත් කළේය.

කොස්ගම ශාලාව හමුදා පුහුණු කඳවුර පිළිබඳව දැනට යූටියුබ් නාලිකා වල හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළකර ඇති ප්‍රකාශ හා වීඩියෝ දර්ශන තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වමින් වාරණ නියෝගයක් හා,නැවත උඩුගත කිරීම වළක්වමින් නියෝගයක් ද විත්තිකරුවන්ට නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු සමාජගත කරමින් සිටින බවය.

 

 



අදහස් (1)

සමාජ මාධ්‍යවේදියකුට, හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්

Gihan Tuesday, 10 December 2024 02:30 AM

ත්‍රස්ත විරෝධී පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site