තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණ තරුණයෙක් අත්අඩංගුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 October 2024
වෛද්‍යවරයෙක්ට පහර දුන්නැයි 7ක් අත්අඩංගුවට අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියා කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 21 October 2024
ලූලා වැටිලා: ඔලුව වැදිලා 78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 21 October 2024
විශේෂ ජනපති කාර්ය සාධක බලකායක් ’’පිරිසිදු ශ්‍රි ලංකා’’ නමින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ඉතා කෙටි කලකදී පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය. 21 October 2024
ට්‍රම්ප් අවන්හලේ වැඩ ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්, පැය කීපයකට පෙන්සිල්වේනියා ජනපදයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවයට ගියේය. 21 October 2024
කඨින චීවරය රැගත් පෙරහර බෝට්ටුවෙන් අපේ රටේ ගග මැද පිහිටා ඇති එකම විහාරස්ථානය වන බලපිටිය මාදු ගග මැද පිහිටි කොත්දූව රජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම අද (21)අලුයම් කාලයේදී විහාරාධිපති කුඩාගල අභයරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 21 October 2024
අතිශය රහස් ඇමෙරිකන් බුද්ධි වාර්තා ප්‍රසිද්ධ වෙලා ඊශ්‍රායලය ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත්, ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ අතිශය රහස් වාර්තා දෙකක්, මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. 21 October 2024
ධීවර යාත්‍රා දෙකක් ගිනි ගනී කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිණිගෙන දැවී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 21 October 2024
ඉහලකංහිදිගම වැවට දෙන්නෙක් බිලි කහටගස්දිගිලිය ඉහලකංහිදිගම වැවේ දියනෑමට ගොස්සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතිබව කහටගස්දිගිලිය පොලීසිය පවසයි. 21 October 2024
සිසුවියගේ සිරුර ලොග්ගල් ඔයේ උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල්ඔයේ තිබූ අද (21) උදේ හමු වි ඇතැයි පොලීසිය කියයි. 21 October 2024
ලොරි -ලොරි ගැටී අඹුසැමි යුවළ ඇතුළු පහක් රෝහලේ බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර අඹු සැමි යුවළක් ද වන බව පොලිසිය කියයි. 21 October 2024
මාතර රුවන්වැල්ල ඝාතනයට දෙකක් සැකපිට මාතර,නාවිමන,රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 21 October 2024
තැනින් තැන විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 October 2024
කුලියට පැල් රකින්න යද්දී වල් අලි පහරින් මරුට දඹුල්ල වෑවලවැව, අලකොලවැව, ප්‍රදේශයේ වම්බටු හේනක පැල් රැකීම සඳහා ගමන් කරමින් සිටි කුලී කම්කරුවකු ඉතා අමානුෂික ලෙස වන අලියකුගේ පහර කෑමකට ලක්ව 20 දින රාත්‍රියේ මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි. 21 October 2024
ආරක්ෂාවට අරගෙන ගෙදර වැඩටත් යොදාගෙන බොහෝ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයන් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩටත් යොදවාගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇත. 21 October 2024
බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අමු අමුවේ පුළුස්සා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය අනුමත කළේය. 20 October 2024
ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන්තොට යුද හමුදා විශේෂ කාර්යාංශයේ නිළධාරීන් විසින් අද සවස අත් අඩංගුවට ගෙන තිබේ. 20 October 2024
සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 20 October 2024
තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 October 2024
ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇත. 20 October 2024
හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු විදේශිකයන් දෙදෙනෙකු , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් ඊයේ(19) වැනි දින රාත්‍රී පියවර ගෙන තිබේ. 20 October 2024
එස්.ටි.එෆ් හිටපු සෙබළාගේ ගෙදර ගිනි අවි ගබඩාවක් මාතර රුවන්වැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකුට ඉකුත් 15 වැනිදා පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්ගේ නිවෙසේ තිබී උණ්ඩ විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කොටස් ඇතුළු භාණ්ඩ තොගයක් එම බළකාය විසින් සොයා ගනු ලැබීය. 20 October 2024
ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 October 2024
හොර නෝට්ටු සමග දෙකක් සැකපිට රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 20 October 2024
අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) වැනි දා පැවසීය. 20 October 2024
පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 20 October 2024
එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. 20 October 2024
හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් ලත් බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද(20)වැනි දා මරණයට පත්ව තිබෙව බව රෝහල් ආරංචි මාර්ග සහ මහනුවර පොලිසිය සඳහන් කරයි. 20 October 2024
මහින්දගේ වාහන හෙට බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල රථ හය අතුරින් ගිලන්රථය ද ඇතුළුව නිල රථ තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට හෙට (21) බාර දෙන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි. 20 October 2024
උතුරු කොරියානු සෙබලුන් රුසියානු යුධ බිමේ උතුරු කොරියාව යුක්රේනය සමග යුද වැදීමට සිය හමුදා රුසියාවට යවා ඇති බවට දකුණු කොරියානු ජාතික බුද්ධි අංශ සේවාව නිකුත් කළ වාර්තාව තහවුරු කරමින් නැගෙනහිර රුසියාවේ හමුදා පුහුණු කඳවුරක දී උතුරු කොරියානු සොල්දාදුවන් නිල ඇඳුම් සහ ආම්පන්න බාරගනු ලබන වීඩියෝවක් යුක්රේන බුද්ධි අංශ විසින් සී.එන්.එන් පුවත් සේවය ලබා දී ඇත. 20 October 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026