
( ප්‍රදීප් කුමාර)
නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 126 යි ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සිය භාරයට ගත බව නාවික හමුදාව සදහන් කරයි.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්‍රා යොදවා ඊයේ(07 ) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබු සැකකටයුතු පොලිතීන් පාර්සල් හතලිස් හතරක් (44) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කර තිබේ.
එහිදී මෙම ගංජා තොගය නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම ගංජා තොගය ගොඩ බිමට රැගෙන එමින් සිටියදී නාවික හමුදා මෙහෙයුම හේතුවෙන් මෙසේ අතහැර පලා යන්නට ඇති බවට විශ්වාස කෙරේ.
මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වනු ඇතැයි නාවික හමුදාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
614
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ පාවූ කේරළ ගංජා නාවිකහමුදා බාරයට