IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඖෂධ ලොක්කෙක් නිවාඩු යවයි



(සුජිත් හේවාජුලිගේ )

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරි තුෂාර රණදේව මහතා ජාතික ඖෂධ නියාමනාධිකාරිය විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවනු ලැබ ඇත.

ඔහු ඖෂධ වේදීන්ගේ සංගමයේ සභාපතිවරයාද වෙයි.

ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට දෙන බවට එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  මහතා විසින් ඔහු මෙසේ අනිවාර්ය නිවාඩු යවනු ලැබ ඇත.

රණ දේව මහතා පාවිච්චි කළ සියලු බඩුමුට්ටුවහම බාර දෙන ලෙසත් යම්කිසි කාරණයකට හෝ ආයතන පරිශ්‍රයට පැමිණිය හැක්කේ තමාගේ අනුමැතිය අනුව පමණක්  බවත් විජේවික්‍රම මහතා ඔහු අනිවාර්ය නිවාඩු යවමින් භාරදී ඇති ලිපියේ සඳහන් වේ.

එමෙන්ම  තුෂාර රණදේව ගේ පෞද්ගලික ජංගම දුරකතනයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  බාරයට ගෙන ඇත.

ඒ අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට ලබාදී ඇති බවට චෝදනා කරමින්, ඖෂධ නියාමන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුවය.

කෙසේ වෙතත් අධිකාරියේ ඇතැම් සේවකයන් පවසන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී ඇතුළු   දූෂිත ඉහළ නිළධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවී වංචා දූෂණ ක්‍රියා හෙළිකිරීම හේතුවෙන් රණදේව මහතාට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවූ බවයි.



අදහස් (3)

ඖෂධ ලොක්කෙක් නිවාඩු යවයි

fairoos Sunday, 08 December 2024 03:29 PM

වංචා, දූෂණ එළිකරාට මෙහෙම කරන්න තාම පරණ ආණ්ඩුව නෙවෙයි නේ?

:       1       15

Anjana Monday, 09 December 2024 12:17 AM

ඔය කියන ඇතැම් සේවකයන්ද ගෙදර යැවිය යුතුයි

:       1       1

Bunny Preena Monday, 09 December 2024 09:17 AM

කිතුල් ගහට නැග්ග මිනිහට කියන්න දෙයක් තිබුනානේ .පරීක්ෂණ වලදී සත්‍ය හෙලිවෙයිනේ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site