IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුංචි ඡන්දය: මැකෝ නීතිපති මතය විමසයි



(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය  පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ඒ නීතිපතිවරයාට ලිපියක් යොමු කරමිනි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව  නීතිමය බාධා පවතී නම් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම මෙහි අරමුණ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.

මේ අතර පළාත් පාලමැතිවරණයට අදාලව කලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇතිනම් එය කඩිනමින් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන්  ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

පරණ නාමයෝජනා ලැයිස්තුව අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන්ම  පාර්ලිමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සම්මත  කරගත යුතු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වලත් පාලන මැතිවරණයට අදාලව කැඳවූ පැරණි නාම යෝජනා ලැයිස්තුව අහෝසි කරන බවට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණයක් ගත්තේය. එම තීරණය රජය මැතිවරණ කොමිෂන් සභාවට
පසුගිය සතියේ දී නිල වශයෙන් දැනුම් දුන්නේය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව  පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක්  තෝරා ගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට  පසුගිය වසරේ  අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබීය. ඒ අනුව එම මැතිවරණයට  අපේක්ෂකයෝ 80,672 දෙනෙක්  ඉදිරිපත් වූහ.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති. පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක්ද සිටිති. නාම යෝජනා දුන් මෙම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ අතර අපේක්ෂකයන් දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී  පක්ෂ මාරු  කර ඇතැයිද අමාත්‍යාංශයට තොරතුරු අනාවරණයවීඇත. ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.



අදහස් (1)

පුංචි ඡන්දය: මැකෝ නීතිපති මතය විමසයි

fairoos Sunday, 08 December 2024 07:08 PM

දැනට ඔතන ප්‍රශ්නයක් නැහැ නේද? ඔහෙම ගියා නම් ඉවරයිනේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site