IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ව්‍යාපෘති කාර්යාල 38ක් ජනපති ලේකම් කාර්යාලයෙන් ඉවතට

(දමිත් වික්‍රමසේකර)

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

එලෙස මාරු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස අතර ව්‍යපෘති කාර්යාල 38 අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ද සිටින බව එම නිලධාරියා පැවැසුවේය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කල ව්‍යපෘති කාර්යාල 38 ඒ ඒ අමාත්‍යාංශවල පිහිටවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙනු තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටිනු ඇති බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක අතිරික්තයක් තිබෙන බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවත් ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබී ඇති බවත් එම උසස් නිලධාරියා පැවැසුවේය.

මෙහි අරමුණ රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.

ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබී ඇති එම නිලධාරී පිරිස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කිරීම එම නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිලධාරී සංචිතයට මාරුවීමට පෙර ඔවුන් සතුව ඇති රාජකාරී ලිපිගොනු සියල්ල එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යංශවලට බාරදී අවසන් කරන ලෙස එම නිලධාරී පිරිසට දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එම නිලධාරී පිරිස සම්බන්ධීකරණය කළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති කාර්යාල ඊට අදාළ අමාත්‍යාංශයන් වෙත පවරන බැවින් ඔවුන්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ රඳවා තබා ගැනීමට සාධාරණ හේතුවක් නොමැති බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

 



අදහස් (8)

ව්‍යාපෘති කාර්යාල 38ක් ජනපති ලේකම් කාර්යාලයෙන් ඉවතට

pj Monday, 09 December 2024 05:10 AM

මේ අයව ආපසු යැව්වාම ඒ තැන්වල ඉඩ මදි නම් කුලියට තැන් හොයන්න. නැතිනම් අතිරික්තය ඉවත් කරන්න සිදුවේවි..! 

:       6       10

ධනා Monday, 09 December 2024 05:21 AM

පරිපාලන සේවේ නිලධාරීන්ගේ අතිරික්තයක් තියෙනවා. ඒකයි නැති තනතුරු හදාගෙන ඔතනට වෙලා ඉන්නේ. පරිපාලන සේවය තමා දේශපාලකයෝ එක්ක එකතු වෙලා රට වලපල්ලට යැවුවේ.

:       1       53

NImal 1 Monday, 09 December 2024 05:59 AM

පිනාගේ වැඩ බැරි හෙන්චයියෝ

:       13       25

Rupika Monday, 09 December 2024 06:55 AM

අපේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිළධාරින් හැමදාම ඉන්නෙ හරියටම බිම් පැල ගන්න කුරුදු ඇට තවාන් කලා වගේම වුනත් කොළඹ දිස්ත්‍රික්කයේ කාර්‍යාල වල නම් එහෙම තවන්කර නැහැ කියල දැක්කා.අපේ කාර්‍යාලවල සේවාලාභීන් ගැන කිසිම සැලකීමක් නැතත් කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂණිකව අවශ්‍යතාවය ඉටුකර ගන්න පුලුවන් .මේ ගැන වත්මන් රාජ්‍ය පරිපාලන ඇමතිගේ අවධානයට යොමුවේවා

:       0       14

Lalla Monday, 09 December 2024 08:35 AM

ඒ කියන්නේ අතිරික්ත රාජ්‍ය සේවකයන් ඉහලම තලයේත් සිටින බව ඇත්ත.... මහින්ද රාජපක්‍ෂ ලොක්ක මෙතරම්ම ලොකු රාජ්‍ය සේවයක් ඇතිකලේ පින්පඩි ගෙවන්නද? නැතිනම් පෞද්ගලික අංශය එක්ක තරහටද?

:       2       21

sweneMonday, 23 December 2024 05:28 AM

ඔතන තම ඥාති මිත්‍රාදීන් තියන් ඉන්නේ ඔවුන්ට වරප්‍රසාද දීගෙන කොළඹට වෙලා ඉන්න. නැතුව වැඩකට නෙවෙයි. ජනාධිපති කාර්යාලයේ වැඩ කරනකොට ඒගොල්ලන්ගේ පඩියට අමතරව 25% කුත් ගෙවනවා. වාහන ආදී සියල්ල දෙනවා. රජයේ මුදල් වලින් අත දිගහැරලා කලගුණ සලකනවා

:       0       1

[email protected] Monday, 09 December 2024 10:13 AM

මේ අය තවම අරේට මෙහේට මාරු කරකර ඉන්නවා.

:       12       5

සී.කාරියවසම් Tuesday, 10 December 2024 03:27 PM

දැන් ඉතින් තුනෙන් දෙකේ බලය තියෙනවනේ කිය කිය ඉන්න දෙයක් නෑ. වැඩේ කරල පෙන්වන්න. ජනතාවට ඒකයි අවශ්‍යය. ක්‍රියාත්මක වීමයි වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17390 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site