IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඩිපෝ ආරක්ෂක ඝාතනයට මුදල් අයකැමි අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චිසහ රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියාගේ ගෙල කපා ඝාතනය කර එම ගොඩනැගිල්ලේ විවේක කාමරයේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදල් කොල්ල කෑ බව කියන එම ඩිපෝවේම මුදල් අයකැමි, රියැදුරකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල නෙළුම්වැව, වැලිගෙපොළ සහ මහව ප්‍රදේශවල පදිංචි 55,33 සහ 40 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඒ. යෝගනාදන් නැමැති 85 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

මෙම ඝාතනය එම ඩිපෝවේ අයකැමි සැලසුම් කර තිබූ අතර සිද්ධිය වූ දින රාත්‍රියේ අයකැමිගේ ප්‍රධානත්වයෙන් මත්පැන් සාදයක් පවත්වා ඇත. පසුව අනෙක් සියලු දෙනා වෙරි මතින් නින්දා ගත් පසු සැකකාර රියැදුරා විසින් තම මිතුරෙකු වන මහව ඩිපෝව ඇතුළට ගෙන්වා ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව සැකකරුවන් ඩිපෝවේ ආරක්ෂක නිලධාරීව සිටි මියගිය පුද්ගලයා අල්ලා ගැටගැසීමට යාමේදී ඔහු දගලමින් කලබල කිරීමේදී මහව ප්‍ර දේශයේ සැකකරු විසින් තියුණු ආයුධයකින් ආරක්ෂක නිලධාරියාගේ ගෙල ප්‍රදේශය කපා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව සැකකරුවන් විවේක කාමරයේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදලක් කොල්ලකා පලාගොස් තිබුණි. සැකකරුවෝ  නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් අඹගහවත්ත මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.

 



අදහස් (0)

ඩිපෝ ආරක්ෂක ඝාතනයට මුදල් අයකැමි අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site