IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ධීවර සහ නාවික ප්‍රජාව අවදානයෙන් ඉන්න

(යොහාන් භාසුර)

ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සැළකිලිමත් වියයුතු යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර - වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවත් එය ලබන 11 වැනිදා පමණ ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ළඟා වීමට ඉඩ ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං පැයට කිලෝමීටර 60 වැඩි සුළං සමඟ තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



අදහස් (0)

ධීවර සහ නාවික ප්‍රජාව අවදානයෙන් ඉන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site