
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීම සඳහා වෙස් වලාගෙන පැමිණ එය ඉටු නොවූ තැන ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දනගස්වා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑ ඒ. එස්. පි. නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු ඇතුළු සිව් දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.
සැකකරුවන් සමග කොල්ල කන ලද රන් ආභරණ, ජංගම දුරකථන සහ කොල්ලයට යොදාගත් තියුණු ආයුධ යකඩ පොල්ලක් , ආරක්ෂක හිස් වැසුම් හා වෙස් වලා ගැනීම සඳහා යොදාගත් ඇඳුම් පැළඳුම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
මොරටුමුල්ල විල්ලොරවත්ත ප්‍රදේශයේ පදිංචි විවිධ ජාරාමවලට සම්බන්ධ පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඉකුත් 6 වෙනි දින අලුයම 2.30 ට පමණ මෙම සැකකරුවන් නිවස වෙත පැමිණ ඉදිරිපස දොරට තට්ටු කර ඇති අතර දෙසියන් දොර විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මුළුතැන් ගෙයි දොර කඩාගෙන නිවස තුළටඇතුළු වී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජාවාරම්කරු ඒ වන විට නිවසේ සිට නැතිඅතර අපරාධකරුවන් ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දණගස්වා වැරදි සිටි රන් ආභරණ සහ අනෙකුත් දේපළ මෙන්ම රුපියල් 23000 ක මුදලක්ද කොල්ලකා පලා ගොස් තිබිණි
2025 දෙසැම්බර් මස 18
614
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනයකට ඇවිත් දේපොළ කොල්ල කෑ 4ක් අත්අඩංගුවට