කේ.පී. ෂර්මා ඕලී යළිත් නේපාලයේ අගමැති ධුරයට විශ්වාසභංගයකින්, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ පුෂ්ප කමල් දාල් පරාජය වී, අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයට හිටපු අග්‍රාමාත්‍යවරයකු වන කේ.පී. ෂර්මා ඕලී තේරී පත් වී සිටී. 15 July 2024
චීනයෙන් පාකිස්තානයට රසායනික අවි තොගයක් චීනයේ සිට පාකිස්තානයට ප්‍රවාහනය කරමින් තිබුණු තහනම් රසායනික විෂ දියර අඩංගු බැරල් තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට මාධ්‍ය පවසයි. 15 July 2024
ලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලා ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 15 July 2024
පැන ගිය දැරිවියන් අඟුලානේ නිවසකින් හමුවෙයි මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනො අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15) සිය බාරයට ගත් බව පොලීසිය පවසයි. 15 July 2024
පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි උරුමය වැඩසටහන 2002, 2003 වසරවල ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 July 2024
ට්‍රම්ප් කතාව වෙනස් කරලා ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි නිල වශයෙන් පිළිගැනීම විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී සිදුවෙයි. 15 July 2024
වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය විය. 15 July 2024
නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය බලා පැමිණ සිටී. 15 July 2024
වෙඩික්කරුගේ අරමුණ තවමත් පැහැදිලි නැහැ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයෝ පවසති. 15 July 2024
එකමුතු වී වැඩ කරන්න ඕනෑ: බයිඩන්-ට්‍රම්ප් කියති ‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 15 July 2024
ළමා නිවාසයක සිටි සිසුවියන් 6ක් පැන ගිහින් මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැඳී සිටි පාසල් සිසුවියන් හය දෙනකු (14) දා රාත්‍රී ඉන් පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි. 15 July 2024
ඊළඟ රැලියේ දී ජනපති අපේක්ෂක කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය . 15 July 2024
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමි දුම්රිය පිලීපැනිමට ලක් වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (15) පෙරවරුවේ සිට යථා තත්ත්වය ට පත්කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 15 July 2024
’’සුළඟ’’ ගාල්ලේ ජනපති ශිෂ්‍යත්ව කල් දමයි “ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ. 15 July 2024
අදත් තැනින් තැන වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තතමේන්තුව කියයි. 15 July 2024
ව්‍යාපාරිකයෙක් ඝාතනය කර කැබ් රියට දමා ගිනි තියලා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර කැබ්රථයට දමා ගිනි තබා ඝාතනය කර ඇතැයි උප්පුවේලී පොලිසිය පවසයි. 15 July 2024
පුත්තලමේ මන්ත්‍රී සබ්රි ඉඩමක් බලෙන් අල්ලාගෙන පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තාවෙයි. 15 July 2024
එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. 15 July 2024
නාම යෝජනා කැඳවන දිනය මේ මස අග ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. 14 July 2024
පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 14 July 2024
තනතුරුවලින් මාව ඉවත් කරන්න කාටවත් බෑ සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බවත් එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස මස 27 වැනිදා දක්වා බලපැවැත්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 14 July 2024
පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 14 July 2024
මැකෝ මුදල් ලොක්කෝ කැඳවයි ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය. 14 July 2024
ජනපතිවරණයට එරෙහි තවත් පෙත්සමක් හෙට විභාගයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමට නියමිතය. 14 July 2024
උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හිල්ඔය දුම්රිය ස්ථන අතර අද (14) පිලී පැනීමට ලක්විය. 14 July 2024
ඉඩමක් බදු දීමේදී රජයට කෝටි 33 ක පාඩුවක් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව නී ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 33ක අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත. 14 July 2024
සජිත් උදව් කළොත් යළි එජාප සාමාජිකත්වය දෙනවා සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී අද (14)පැවසීය. 14 July 2024
වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් ඇමැති- මන්ත්‍රීන්ට නිවේදනයක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මස අවසන් වීමට ප්‍රථම එම තොරතුරු ලබාදෙන ලෙස පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් නිවේදනය නිකුත් කළේය. 14 July 2024
කෝටි හයක සැක වාහන මහනුවරින් අල්ලයි අයිතිකරුවන්ට තම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකට යුතු රුපියල් කෝටි හයක් පමණ වටිනා ඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහ අශ්වබල 1000 යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 14 July 2024
මුල් මාස හතරේදී ටින් මාළු ලක්ෂ 45ක් ගෙන්නලා ඩොලර් රටින් පිටවීම වැළැක්වීමේ අරමුණින් සහ දේශීය ක ර් මා න්ත ආරක්ෂා කිරීමේ අරමුණින් මෙරටට ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදී මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් මාළු ටින් ලක්ෂ 45 කට අධික ප්‍රමාණක් රට තුළට ගෙනවිත් ඇතැයි දේශීය ටින් මාලු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026