IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකන් දූත පිරිස සජිත් හමුවෙති

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් කොළඹ දී අද (6) සිදුවිය.

මෙම සාකච්ඡාව සඳහා  දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහි දී දෙපාර්ශ්වයේ අවදානය යොමු වූ බව විපක්ෂනායක කාර්්‍යාලය සඳහන් කරයි.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදින්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

ඇමෙරිකන් දූත පිරිස සජිත් හමුවෙති

රුවන් Friday, 06 December 2024 09:20 PM

සජිත් ඇමරිකාවේ අයටත් ඉංග්‍රීසි පාඩම් කියාදුන්නා ද දන්නේ නෑ...

:       0       0

Dasa P Saturday, 07 December 2024 03:17 AM

එයාලා හිනහ වෙනවාද නැතිනම් එයාලාට හිනා යනවාද?

:       11       2

Chandra Saturday, 07 December 2024 06:41 AM

දූත පිරිසට බුතයින්ගෙන් ප්‍රයෝජනයක් වේද?

:       11       2

ajith Saturday, 07 December 2024 11:22 AM

තව මුස්ලිම් මන්ත්‍රීලා හිටියේ නැද්ද ඕකට සම්බන්ධ කරගන්න.

:       8       1

fairoosSaturday, 07 December 2024 01:58 PM

අජිත් ඇයි අවුල්ද?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site