
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් කොළඹ දී අද (6) සිදුවිය.
මෙම සාකච්ඡාව සඳහා දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහි දී දෙපාර්ශ්වයේ අවදානය යොමු වූ බව විපක්ෂනායක කාර්්‍යාලය සඳහන් කරයි.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදින්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ඇමරිකාවේ අයටත් ඉංග්‍රීසි පාඩම් කියාදුන්නා ද දන්නේ නෑ...
එයාලා හිනහ වෙනවාද නැතිනම් එයාලාට හිනා යනවාද?
දූත පිරිසට බුතයින්ගෙන් ප්‍රයෝජනයක් වේද?
තව මුස්ලිම් මන්ත්‍රීලා හිටියේ නැද්ද ඕකට සම්බන්ධ කරගන්න.