
(අංජුල මහික වීරරත්න)
“සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහ මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා නම් කරනු ලැබ සිටී.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින එකම මන්ත්‍රීවරයා වනුයේද ජීවන් තොන්ඩමන් මහතාය.
ජීවන් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වශයෙන් පත් කරන ලෙසට වන ඉල්ලීම කථානායකවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
මන්ත්‍රී කණ්ඩායම් නායක ලෙස මුලින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබුණද පසුව එම තීරණය වෙනස් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණින් තරග කල අපේක්ෂකයින් අතරින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ජීවන් තොන්ඩමන් මහතා පමණක් බැවින් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කිරීමට හවුල්කාර පක්ෂ අතර ඒකමතික එකගතාවයක් ඇති කර ගනු ලැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුවෙලා රනිල්ට ඒ පුටුවේ වාඩිවෙන්න හිතාගෙන වෙන්න ඇති...?
මෙයා නම් තැනක හැසිරෙන්න දන්නේ නැති දෙකයි පනහේ ගමේ චන්ඩියෙක්. නායක කම නිසාවත් කන්ට්‍රෝල් වෙයිද බලමු.
මෙයා ෂෝ කාරයෙක්...
ඊයා...!
ඉගෙන ගත්තේ යුරෝපයේ, කතාකරන්නේ ඉංග්‍රීසියෙන් හැබැයි අදින්නේ සරම, කඳුකරයේ දෙමළ මිනිස්සු රවට්ටලා හොරා කාලා තවත් කනවා.. සීයා, අප්පච්චි වගේම. අප්පච්චි බීලාම මළා. වතුකරයේ ඉන්නේ නූගත් මිනිස්සු හින්දා මේ පාරත් ගොඩ ගියා...
එජාපෙ නායක තනතුරත් මෙයාට දෙමුද?
මෙයා ෂෝ කාරයෙක්. ජනතා ධනය විනාශ කළ කෙනෙක්...!
ජොලි සීයා වගේම... හැම දේම දන්නවා කියලා හිතන් ඉන්න බයියෙක්...