
(ගයාන් සූරියආරච්චි)
බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (6) කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලොහාන් රත්වත්තේ මහතා ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලූපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා කොට කල්සමක් ඇඳ සිටි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොල්ලු පිටිය පොලිසියට ලද පැමිණිල්ලක්මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශන වලදී ලොහාන් රත්වත්තේ මහතා බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත
ඒ අනුව ලොහාන් රත් වත්තේ මහතා අත්අඩංගුවට ගත්බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් ක පොලිසිය පවසයි.
කොළඹ දකුණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලු පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් සී දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට කලිසමක් ඇඳගෙන හිටිය හින්දා ඇප දෙන්නම හොඳ නෑ. හැප්පිල කාව හරි මැරුණා නං කව්ද වග කියන්නේ?
එම අවස්ථාවේ හිටපු ඇමැතිවරයා කොට කලිසමක් ඇඳගෙන හිටියේ කියන එකයි මේ අනතුර ගැන පුවතයි අතර සම්බන්ධය මොකක්ද? කොට කලිසම අදාල දෙයක්ද?
එලොවටත් නැති, මෙලොවටත් නැති, හැදෙන්නෙවත් නැති මිනිහෙක්.
මෙයාටත් ඡන්දෙ දෙන්න පස්සෙන් යන අය ඉන්නවනේ...!
ඇමැතිකම් දීම සඳහා රාජපක්ෂලා, රනිල්ලා බලන සුදුසුකම් ඕවා තමයි.
ඔන්න දැන් ආයෙත් අසනීප වෙයි. ඉස්පිරිතාලෙන් ගෙදර ආපු ගමන් බීලානේ. කෝ මේ දරුවාගේ අම්මා..?
ඉතින් මේ අය ජොලිසීයගේ ඇමැතියෙක් නේද? මෙයා වගේ පාතාලයෝ තමයි ජොලියගේ හොඳම ගෝලයෝ...
මේ යක්කු හරි නම් පොලිසියේම නවත්තලා තියන්න ඕනෑ එවුන්. ගිය ආණ්ඩු කාලේ හිටපු හැටි, කල්කිරියාව තේරෙනවානේ දැන් අහුවෙන ඒවාගෙන්. මන් දැක්කා, බිරිඳත් තරවටු කරනවා හරියට හිටපන් කියලා අර tv එකේ දාපු video එකේ...!
ඇයි මේ මනුස්සයාව එළියට දැම්මේ? රෙද්ද අස්සේ නයි දාගෙන කනවෝ කනවෝ කියනවා වගේ දෙයක්...!
මොවුන්ගේ පරණ පුරුදු...!