
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද (6) පස්වරුවේ යොමු කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
එම යෝජනාවලිය ඉදිරි දින කීපයේදී අධ්‍යනය කරන බවත් පසුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පැවසීය.





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහස්ථ පරිභෝජන කාණ්ඩය යටතේ ඒකක 0 සිට 30 දක්වා පරිභෝජනයට ඒකකයන්ට රු.6.00 බැගින් අය කෙරෙන අතර ඒකක 31-60 දක්වා රු.9.00 බැගින් අය කෙරේ. නමුත්, ඒකක 60 තවත් 1 ඒකකයකින් හෝ ඉක්මවූ විට (උදා.ඒකක 61) ඒකක 0-60 දක්වා සියලුම ඒකක සඳහා ඒකකයකට රු.15.00 බැගින් අය කෙරේ. මෙය ඉතාමත් අසාධාරණ අය කිරීමේ ක්‍රමයකි. මෙම වසරේ ජූලි මස සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව දැනටත් මෙම තත්වය හේතුවෙන් මහජනතාව පීඩා විඳිති. අප කෙතරම් විදුලිය පිරිමැසුවද එහි වාසිය අපට නොලැබෙන්නේ නම් ඇති ඵලය කුමක්ද? මේ පිළිබඳ අදාල අයගේ අවධානය යොමු වේවා! එමෙන්ම මෙරට විදුලි පරිභෝජනයේ සෑහෙන අඩු කිරීමක් කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයට සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමට නුවණැස පෑදේවා!