
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි වලට වැට් බද්ද අය කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි වලට වැට් බදු 18%ක් සහ තව සියයට 2.5ක බද්දක් අය කරන බව කීය.
කර්මාන්ත ශාලාවෙන් එළියට එන විටම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක් වන අතර වෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 220ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දුඹුරු සීනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට වර්ගීකරණය කොට ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කර තිබෙන්නේ යැයි කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විශේෂ වරප්‍රසාද දී තිබෙන්නේ සීනි බදු වංචා කළ අයට සහන දීමට යැයි ද මෙම කාරණය නිවැරදි කළ යුතුව තිබෙන බව ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුඹුරු සීනි කියන්නේ හරිම සීනි. පරිවෘත්තීය සීඝ්‍රතාවය අඩුයි වගේම විටමින් වර්ගත් තියෙනවා. සුදු සීනි කියන්නේ කිසිම වැඩක් නැති දියවැඩියාව වැඩි කරන කෑමක්. බ්‍රසීලයේ වුණත් දුඹුරු සීනි වලට අමතරව හදන සුදු සීනි එතනෝල් හදලා වාහන දුවන එක. ලංකාවේ කරන්නේ කෑමට ගන්න එක...
ලංකාවේ හකුරු කර්මාන්තය ගැනත් හිතන්න. සුදුකරපු සීනි මගින් හකුරු හදනවා. සීනි වගේ දෙතුන් ගුණයකට විකුණනවා. ඒවායින් අපේක්ෂිත සෞඛ්‍ය හිතකාමිත්වයක් ඇත්තෙත් නැහැ. ඉතින්, සීනි හැදීමට කලින් පැණි කෙලින්ම හකුරු හැදීමට නොයොදවන්නේ ඇයි? හකුරු පරිභෝජනය කළොත් භාවිතාවන සීනි ප්‍රමාණය අඩු වී සෞඛ්‍යයටත් අහිතකාරීත්වය අඩුවෙනවා.
ඔන්න ඔහොම තමයි මයිනලා... ජොලි සීයලා ලංකාවේ කර්මාන්ත විනාශ කළේ...