
(යොහාන් භාසුර)
රට ගමන් කරමින් තිබූ දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ජාතික විද්‍යා පදනම විසින් සංවිධානයෙන් කොළඹ වෛද්‍ය පිඨයේ අද (6) පැවති ඩිජිටල් පුස්තකාල සමුළුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.
පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් ලෙස සළකන අතරම රජයේ සංවර්ධන වැඩපිලිවෙළට පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය යැයි විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාවටම වෙනස්කර නව මාවතකට රට යොමු කිරීම රජයේ අභිප්‍රාය බව කී අග්‍රාමාත්‍යවරිය එය පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම් විය යුතු බව ද සඳහන් කළාය.
විශේෂයෙන් ඉහළම මට්ටම්වල තීරණ ගැනීමේදී විද්‍යාව මත පදනම්ව, සාක්ෂි මත පදනම්ව, දත්ත මත පදනම්ව තීරණ නොගැනීම පසුගිය වසර කිහිපය තුළ අප මුහුණ දුන් විශාල ගැටලුවක් බවත් එබැවින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ පර්යේෂණ ප්‍රජාව වඩාත් සමීපව එකට වැඩ කළ යුතු බවත් ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත්ත, සාක්ෂි, විද්‍යාත්මක පර්යේෂණ වැදගත් තමයි. ඒවා හොයන්න, කරන්න කලින් වැඩ පටන්ගන්න ඥාණක්කාගෙන් හොඳ වෙලාවක් බලාගත්තොත් නේද හොඳ..?
ඇත්තටම මම හිතුවා මේ වගේ වැදගත් නිවුස් වලට පාටක වන අප වගේ අය වැදගත් සභ උගත්කම මත අදහස් ප්‍රකාශ කරයි කියලා. හාස්‍ය දනවන වේලාවක් නෙවෙයි නේද කියලා මට හිතෙනවා...
දිසාව වෙනස් වේගෙන යනබව අපිටත් පේනවා... පොල් පෝලිමේ දිග දැක්කාම...
ජෙප්පෝ මව්බිම නැතිනම් මරණය කියනකොට අපි ඒවා පිලිගෙන අපේ සහෝදරයෝ බිලිදෙන්නයි. අද LTTE ඩයස්පෝරා සහ පල්ලි වල කීමට අපේ සන්ස්කෘතිය, ජාතිය, භාෂාව වැඩක් නෑ. කියනකොට ඒවා පිළිගන්නයි අපි කොන්දක් නැති සක්කිලි නෙමේ. කාඩිනල්ගේ සහ බෝන් අගේන් පල්ලියත් එක්ක යටින් ඩීල් දාලා බෞද්ධයින්ව රවට්ටන්න මේ මාධ්ය සන්දර්ශන දානවා..
කියන්න අවශ්‍ය නැහැ. දැනටමත් පෙනෙන්න තියෙනවා උතුර දකුණ මාරුවුණු බවක්..
පොල් පෝලිම දිහා බලද්දිම ඒක පේනවා.
මාලිමාව කියන්නේ එහාට මෙහාට කර කැවෙන එකට තමයි හලෝ කිසිම ප්‍රතිපත්තියක් නැහැ...