
(එන් ආරච්චි)
කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී කෘෂිකාර්මික කටයුතු වලට හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතු බවට කළ ප්‍රකාශයට පරිසර සංවිධාන විසින් දැක්වූ විරෝධතාවයට එරෙහිව සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් විරෝධතාවයක් කෑගල්ල නගරයේ දී අද දින (7) පැවැත්විණි.
එම පරිසර සංවිධානවලට තමන්ගේ ප්‍රදේශවල පැමිණ වන සතුන් සිදු කර ඇති වගා හානිය බලා දැක ගන්නා ලෙසත් ඔවුහු ප්‍රකාශ කළහ.
කෑගල්ල, සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර දිස්ත්‍රිකයේ සෙසු ප්‍රදේශවල ජනතාව ද මේ සඳහා එක්ව සිටියහ .
විරෝධතාකරුවෝ මෙහිදී එම පරිසර සංවිධානවලට ප්‍රකාශවලට විරුද්ධව ප්‍රකාශයන් ඇතුළත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර සංවිධාන, වනජීවි සත්ව සංවිධාන කියන හැම එකකම ඉන්න අයට ගමේ ගැටලු වගේම සැබෑ ගැටළු ගැන මෙලෝ අවබෝධයක් දැනුමක් නෑ. කරුණාකර ගමට ගිහින් අත්විදින්න රිලා ත්‍රස්තවාදය ගැන. එතකොට මොළේ පෑදෙයි... රටට කරන හානිය පිළිබඳව. ආණ්ඩුව වහා මේ හිකනලුන්ගේ කෙනෙහෙලිකම් මායිම් නොකර කොන්ද කෙලින් තියන් ආර්ථික ඝාතක රිලා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සන්නද්ධ අංශයන් ගම්මානවලට යවන්න...
පරිසර සංවිධානවල ඉන්නේ මහ කාලකන්නි. මයික් එකක් දැක්කගමන් කටට එන ඕනෑම දෙයක් කියවනවා. මොණරු, රිලව්, දඬුලේන්නු පොල්, වී ඇතුලු ගොවිතැන්වලට කරන විනාශය බලන්නකෝ ඇවිත්... අනිත් කාලකන්නි වනජීවි එකේ අය... වෙන ගම්වලින් අල්ලන රිලව් ගිහින් දාන්නේ කැලයට නෙවෙයි වෙනත් ගමකට. පොල් ගෙඩියක් 500 කටවත් ගන්න නැතිවෙයි... මේ කාලකන්නි සංවිධානවල ඉන්න අය නිසා...
ඔව්වන්ට ගහලා එළවන්න ඕනෑ. බොරු පරිසර කාරයෝ
තරුණ සංවිධානය මෙහෙය වන්නේ නාකි පප්පලා ටිකක්...
දන්නැති හින්දයි අහන්නේ, දැන් ඔටාරච්චියේ සත්ව කරුණාවට පුටුව උණුවෙන්නේ නැද්ද?
රක්ෂිත සියල්ලම එළි පෙහෙළි කරලා වගා කරපල්ලා, කැලෑවල් නැතිව ගියාම වන සත්තු ඉබේටම නැතිවෙලා යාවි...!
ගම්වල ඉන්න රිලව් ටික අල්ලන් ගිහින් පරිසර සන්විධානවල ඉන්න අයට ගිහින් දීපල්ලා, නැත්නම් අනික් සතුන්ගේ මස් කනවා වගේ රිලා මස් කන්න දුන්නා නම් හරි....
ඔය පරිසර වේදීන් කියාගන්නා අය හුඟක් NGO අය, වනජීවී එකෙත් එක්ක හුඟාක් ඩීල් දාගෙන ඉන්නේ, හැම එකටම විරුද්ධ වෙන අය. ඔවුන්ව පලවා හැරිය යුතුයි.