
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය බත්තරමුල්ල පොල්දූව මංසන්දියේදී අද (6) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.
"වන සතුන් ඝාතනයට ඉඩ දෙන ලාල් කාන්තගේ ප්‍රකාශයට එරෙහි වෙමු" ගම් වදින අලි කැලෑ වදින අලි බවට පත් කරනු"" ශ්‍රී ලංකාවේ ජීවත් වීමට වන සතුන්ටද අයිතියක් ඇත" ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
(ඡායාරූපය:- ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෝඩ් කැලි අල්ලාගෙන ඉන්න අයගේ කඳවල් දිහා බලපු ගමන් පේනවා අලි උවදුරුවලින් දිනපතා දුක් ගැහැට විඳින ගම්මානවල ඉන්න අසරණ ජනතාව බව...
මේ මිනිස්සු 5000 ඩයල්. රුපියල් 5000ක් දුන්නාම ඕන බෝඩ් එකක් අල්ලන් ඉන්නවා. අනිත් එක මදුරුවෙක් ඇගේ වැහුවත් මරන්නේ නැහැලු. උනුත් ජීවත් වෙන්න ඕනෑ. අනිත් එක තාම මාලු කෑල්ලක් කාලත් නෑ...!
මෙයාලත් මොකක් හරි කොනක් අල්වාගෙන බොරුවට දඟලනවානේ. ලාල්කාන්ත මහතා අලි මරන්න කිව්වේ නෑනේ. රජතුමා පැහැදිලිවම කිව්වා රිළා ත්‍රස්තවාදයක් තියෙනවා කියලා. මේ අය වගා බිමකටවත් නොගිහින් දඟළනවා. සතුන් මරන එක බෞද්ධ කවුරුවත් කරන්නේ නෑනේ ආදීනව දන්නා නිසා. වගා හානියට සාධනීය ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.
මොවුන්ගේ ගෙවල් වලට රිලව් ටික ගාල් කරන්න. මේ රඟන්නේ වන සතුන්ට තියෙන ආදරේට නෙමෙයි, අවධානය ගන්නයි... කොහෙන් හරි ඩොලර් ටිකක් ගරා ගන්නයි...!
වහාම මේ සත්ව ප්‍රේමීන්ව ගෙන්වලා එයාලා මේ ප්‍රශ්නයට යෝජනා කරන විකල්ප විසඳුම් විමසා බැලිය යුතුයි. එසේ නැත්තන් මෙවැනි බාධා කිරීම් නීතිය මගින් හෝ වැළැක්විය යුතුමයි. රටේ වගාවන්ට හානි වන ලෙස හැසිරෙන සත්ව කාණ්ඩ කීපයක ගහනය සීමාව ඉක්මවා යෑමක් නිසයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ. රිලවා, මොනරා, දඬුලේනා, වල් ඌරා, ඉත්තෑවා ඉතා ලොකු බලපෑමක් වගාවන්ට ඇති කරලා තියෙනවා. වල් අලි ගම් වැදීම තවත් ගැටළුවක්. ඒ නිසා මේ තත්වය හරි විදියට තේරුම් අරන් වැඩ කිරීමත් මෙවැනි අනර්ථකාරී ලෙස එයට බාධා කරන සියළුම ක්‍රියාවන් වැළැක්වීමට අනිවාර්යයෙන්ම කළ යුතුයි.
රිලවුන්ට කියලා කන්න පොල් ගෙනත් දෙන්න කියපල්ලා.
මුන් නම් මහ හරක් ටිකක්... වගාවන් කරගන්න විදියක් නැතුව මිනිස්සු ඉන්නේ... පොල් ගෙඩියක් කෙසෙල් කැනක් තියෙන්නේ නැ හරිම අපරාධයක් මේ සත්තු කරන්නේ... මුන් නිකන් බයිලා ගහනවා...
සතුන්ගේ වාසස්ථාන මිනිස්සු අල්ලගෙන ඉන්නේ. සතුන්ට ජිවත් වීමේ අයිතියක් ඇත. දේශපාලනය කෝනනයෙන් මේ දිහා බලන්න එපා... ක්‍රමවත් වැඩ පිළිවෙළක් ඕනෑ.. අපි සතා සිව්පාවන්ට පරිසරයට ආදරේ කරන්න ඕනෑ... එහෙම වුනොත් ස්වභාවික පරිසරය අපිට ඉක්මණින් දඬුවම් දෙයි මේ දේවල්වලට ප්‍රධාන හේතුව නිති විරෝදී මිනිස් ක්‍රියාකාරකම් නිසා බව පිළිගන්න
ඔය බෝඩ් අල්ලගෙන උද්ගෝෂණ කරන උදවිය සතුන් නොමරන මස් මාලු නොකන, බුදුදහම හරියට පිළිපදින අවිහිංසාවාදී අය වෙන්න ඇති...
මොනවා වුනත් ලාල් කාන්ත කිව්වේ මෝඩ කථාවක්. ඇමැති කෙනෙක් හැටියට ඒක වෙන විදිහකට කියන්න තිබුණා. එයා දැනගන්න ඕනෑ මිනිස්සු ඒක වැරැදි විදිහට අරන් වන සතුන් දඩයම් කරන්න හේතුවක් කර ගන්නවා කියලා...!
මේ ගොල්ලන්ට සතුන්ගෙන් සිදුවන වගා විනාසෙට මේ රටට හරියන විසඳුම් මොනවාද?
කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරන පිරිසක් වෙන්න ඇති. සතුන් දඩයමේ ගිය දඩමස් කාපු, දූෂිත දේශපාලුවන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඇත්දළ වල ගජමුතු ගන්න අලි ඇතුන් මරවපු අයත් හිටියා මේ අයට. පුදුම සත්ව කරුණාවක් පහළ වෙලා...
මොවුන් නගුල් වල බැඳලා හාපු දවසට ඔය උද්ඝෝෂණ නෑ...
මොවුන්ට ඩොලර් ටිකක් හොයාගන්න රටේ අනිත් මිනිස්සු හම්බ කරන් නොකෑවත් කමක් නැහැ. රටට වින කරනවා..
අපේ රටේමත් ආර්තිකය වනසන රිලා ත්‍රස්තවාදීන් ටික අල්ලලා මොවුන්ගේ ගෙවල් වලට දැම්මා නම් තේරෙයි තරම. තමන්ගේ නොවන තාක් ගැටලුවක තරම අනෙකාට අවබෝධ වෙන් නෑ. ඔය මූකළන් බස්සන් ටික එන්න අපේ ගම්මාන වලට, එතකොට මොළේ පෑදෙයි...
ඇඟ, මුණ දැක්කම පේනවා අඩුම සිංහරාජේ තියා, විල්පත්තුවටවත් ගිහින් නැති අඩුම වලිකුකුළෙක්වත් ඇහකට දැකලා නැති, තාලෙකට විතරක් මතුවෙන සත්ත්ව සංවිධානය. අපේ සංවිධාන වුණත් කියන්නේ රිලා ගහනය අඩු කරන්න කියලා. අපි එදා විල්පත්තුව කපනකොට විරෝධය පෑවා හැබැයි මේ උදවිය නම් දැක්කේ නෑ, නමක් නෑ ගමක් නෑ 5000ට වැඩ කරන අයද කොහේද අප්පා. WWF එකෙන් අලි සංරක්ෂණ කරන ව්‍යාපෘතියක් යනවා... දැන් පුළුවන් නම් මේ අයට එකකටවත් එන්න කියන්න ඕනේ...
ඔබලා ඇවිත් රිලව් අල්ලපල්ලා...
ලාල් කාන්ත කියන්නේ කාලකණ්ණි ජෙප්පෙක් එලොවටත් නැති, මෙලොවටත් නැති...!
මේ සෙට් එක ගෙනිහින් දාන්න ඕනේ අනුරාධපුර පැත්තේ හේනක් රකින්ට. එතකොට දුප්පත් ගොවීන් විඳින දුක මේ උදවියට දැනෙයි.
ගෙදර සිදු වුණ කථාවකි. "එහා ගෙදර ඥානාගේ හරකා කුඹුරට බැස්සොත් එක්කෝ අල්ලා ගෙන හරක් මුදලාලිට විකුණමු. නැත්නම් මස් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි; පියදාසගේ එළු පට්ටිය ආවොත් අල්ලලා මස් කඩයට විකුණමු. පොල්ගස් කන්න දළ ඇතෙක් හෙම ආවොත් දළ දෙක කපා ගමු." එය අසා සිටි එම ගෙදර දුවක් " ඒ තාත්තේ ඔවා නීති විරෝධී වැඩ; හිරේ විලංගුවේ ලගින්න වේවි! එවිට පියා " අනේ නිකා හිඳින් එව්වට ලැයිසන් දීලා තියෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දී ලාල් කාන්ත ඇමැතිතුමා කිව්වේ වගාබිමට එන සතුන්ට කැමැති දෙයක් කරන්න කියා. තව මොනවැයි නීති...?
NGO සල්ලි වලින් බඩගෝස්තරය රැකියාව කරගත් සෙට් එකක් බැහැලා...!
ලාල් කාන්ත කිව්වේ වගා බිම්වලට එන වන සතුන් ගැනයි. හැබැයි එය වැරැදි විධියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම අපට ආහාර සපයන ගොවියාගේ සහ වගාවේ ආරක්ෂාව ගැන සාධාරණයක් වෙන්නත් ඕනෑ.
මම නම් කියන්නේ රිලව් වැනි සතුන් මරන්න එපා කියලා... උද්ඝෝෂණය කරන අය ජීවත් වන ප්‍රෙද්ශවලට එවැනි සතුන් ගිහිං දාන්න ඕනෑ...!
ලංකාවේ සතුන් නිසා වගා හානිය 20% වැඩියි . පොල් හිඟයට එක ප්‍රධාන හේතුව ක් රිලව් සහ වඳුරන් . මෙයාල වගා හානියට දෙන පිළියම මොකක්ද . කැලේට ගිහිල්ලා නෙවෙයි මේ සතුන් මරන්නෙ . ගමෙ ගෙවල්වලට පැනපු එවුන් . අලිමංකඩවල් නාගරික තියෙනවද.. අලි මහපාරෙ යන්නෙ. මෙයාල එකෙක් වත් ඔය කියන ප්‍රශ්න වලට මුහුණ දිල නැ . ප්‍රශ්නය ට මුහුණ දෙන අය තමයි රඟෙ දන්නෙ.
බෝංචි ඇට කිලෝ 2ක් හිටෝලා බෝංචි කිලෝ 10ක් කඩාගන්න බැරිවුනා රිලව් නිසා... මේ බෝඩ්කාරයොන්ට බැරිද දන්නෑ රිලව් ගෙදරවල්වල එක්කගිහින් කන්න බොන්න දීලා හදාගන්න
වගාවට හානි කරන වල් ඌරන්, රිලව්, වඳුරන්, මර්දනය කරන්න හොඳම දේ තමා පතුරම්, තුවක්කුව මාස 06 කට ගොවීන්ට දීලා බලන්න...
ඔය පිකටින් එක ලිහින් කරපල්ලා ගොවි බිම් පොල් වතු තියෙන පැතිවල...
ඔය නෝනලා මහත්තයලා අපේ ගම පැත්තට ඇවිල්ලා විරෝධය දක්වලා යන්නකෝ.... මහියංගනය