
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
රටේ විශාල කෘෂිකර්ම වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වුවත් ගොවි ජනතාවගේ දරිද්‍රතාවය නිරන්තරයෙන් වැඩි වෙමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
ඔවුන්ගේ ජීවන තත්ත්වය දිගුකාලීනව අයහපත් වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක දී ලාල් කාන්ත මහතා මේ බව කීය.
ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ව්‍යාපෘති වඩාත් විධිමත්ව හා ඵලදායීව යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් මඟ පෙන්වීම ලබා දිය හැකි බව ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.
එමෙන්ම කෘෂි බෝගවලට හානිකරන රිලවුන් සහ අලීන් ඇතුළු සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අන්තර් අමාත්‍යංශ ඒකකයක් පිහිටුවන බවත් පැවැති ආණ්ඩු ගොවි ජනතාවගේ අස්වනුවලට වන සතුන්වගන් වන හානිය වළක්වාගැනීමට කිසිදු විසඳුමක් ගෙන නොමැති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
ගොවි ජනතාවට ඍජුවම බලපාන වන සත්ව උවදුර පිළිබඳව අවධානය යොමු කර වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය අනුව එම ගැටළුව විසඳීම ප්‍රමුඛ කාර්යක් බවට පත්ව ඇති බවත් හදිසි ආපදා තත්ත්වය හමුවේ වගාවි ජනතාවගේ භෝගවලට සිදුව ඇති හානි සහ වාරි පද්ධතියට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත්කරගැනීමට ක්ක්‍ෂණික පියවර ගන්නා බවත් ඒ මහතා කීය.
වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විටත් සකස්කර අවසන් බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා කීය.
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර ශරන් සහ සංවිධානයේ නියෝජිතයෝ මෙම හමුවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නේ රිලව් 70% වඳභාවයට පත් කරන්න ඕනේ, සමහර රටවල් වගේ. අලි ගහණය නම් ලංකාවේ තර්ජනය ලක්වෙලා ඉන්නේ. ඒ අයගේ රක්ෂිත සීමාව ඉහළ දාන්න ඕනේ. අනිත් එක ලංකාවේ මිනිස්සු සත්තුන්ට කන්න දෙන එක තහනම් කරන්න ඕනේ, ඒ හින්දා තමයි ඔය ප්‍රශ්න.
බෝගවලට වඩා නතර කරගත යුත්තේ මිනිස් ජීවිතවලට වන හානිය බව මහාචාර්ය කට්ටලයට කවදා තේරුම් යාවිද?