
(ජේ.ඉඳුරුවගේ )
තේ පර්යේෂණ මණ්ඩලය මගින් තේ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් 12,554,583 ක මුදලක් වැයකර ඉන්දියාවෙන් මිලදීගත් යන්ත්‍රයක් වසර හතක් තිස්සේ කිසිදු පර්යේෂණයකට යොදා ගැනීමට නොහැකිව නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
2017 නොවැම්බර් 24 දින මිලට ගෙන ඇති දේශගුණික විපර්යාස සඳහා තේ ශාකයේ අනුවර්තීය ප්‍රතිචාර අධ්‍යනයට යොදා ගැනීමට යෝජිත මෙම ( walk in type environmental controlled facility) යන්ත්‍රය අපේක්ෂිත පිරිවිතර හා ක්‍රියාකාරිත්වය නොපැවතීම නිසා භාවිතයට යොදා ගත නොහැකිවී ඇතැයි මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් මෙම යන්ත්‍රය සැපයූ දේශීය හා විදේශීය සැපයුම්කරුවන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඇති හෙයින් එකී යන්ත්‍රයට වැයවූ මුදල හා එය ගෙවා නිමකරන තුරු නෛතික පොලියක්ද ලබා ගැනීමට නඩු පැවරීමට කටයුතුකර ඇති බව තේ පර්යේෂණ මණ්ඩලය විසින් විගණනයට දන්වා ඇත.
එම යන්ත්‍රය ප්‍රසම්පාදනයට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගෙන එහි අලාභ අයකර ගන්නා ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
614
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ පර්යේෂණ යන්තරේ හත් අවුරුද්දක්ම කොට උඩ
Chinthaka Sunday, 08 December 2024 10:13 AM
ඒ කාලයේ හිටපු ඇමැතිවරයා ගෙන්නපු එකක් වෙන්නම ඕනෑ. අවුරුදු 76 ක් රට කෑවේ දේශපාලුවෝ කියලනේ කියන්නේ මට නම් හිතෙන්නේම නිලධාරින් දේශපාලුවෝ ගොනාට අන්දපු අවස්ථාවක් කියලා තමයි. මෙවැනි කටයුතු වත්මන් ආණ්ඩුවේ අවධානයට යොමුවේවා...!
Lalla Sunday, 08 December 2024 11:13 AM
ඕවා ක්‍රියාත්මක කරන්න දෙන පුහුණුවට මොකුත්ම නොදන්න ලොක්කෝ යන්න ඇති. රාජ්‍ය ආයතනවල කටයූතු එහෙම නේද? වැඩේ කරන්න ඕන එකා කපලා ලොක්කා පුහුණුවට යනවා... නැතිනම් ජරාව කාලා වැඩ කරන්න බැරි යන්ත්‍රයක් අරගෙන... ඒත් වරද ලොක්කාගේ...
Nilantha Sunday, 08 December 2024 04:34 PM
එහෙම කියන්න එපා බං... ලොක්කෝ මොකුත්ම කරන්න නැහැ.. වැවිලි කර්මාන්තය භාර ඇමැතිවරයාම තමයි කරන්න ඇත්තේ.. නිලධාරින්ට දොස් කියන්න හොඳ මදි නේද?