
(සුජිත් හේවාජුලිගේ)
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මෙතෙක් වෛද්‍යවරයකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව තිබුණේ 62ක් වශයෙනි.
විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සහ සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයන් විසින් මෙතක් කල් ගනු ලැබූ සහ ගන්නා තීරණ අනුව රටට සේවය අවශ්‍ය එකම වෘත්තිය වෛද්‍ය වෘත්තිය බව පෙනේ. රටේ අනෙකුත් වෘත්තිකයින් දහස් ගණන් රට අතහැර යනවා. ඒවාට කිසිම පිළියමක් නැහැ. කලාපයේ අනෙකුත් සියලු රටවල් අතිශයින්ම දියුණු වීමත් අපි ණයට කකා හිඟා කෑමත් එහිම අතුරු ඵලයකි. මෙය දොස්තරලා පිළිබඳ ප්‍රශ්නයක් නොව පාලකයින් සහ ජනතාවගේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයකි.
සියලු අංශවල විශ්‍රාම වයස අවුරුදු 65 කරන්න ඕනේ. තරුණ ජනගහණය අඩුයි, ඉස්සරට තවත් අඩු වෙයි. ජපානයේ වගේ විශ්‍රාම වයස දිර්ඝ කරන්න ඕනේ දැන් ඉදන්ම.
බයිට් වලින් සේවාව දිගුව දෙන එක හොඳයි. හැබැයි වයසට ගිය වෛද්‍යවරුන්ගේ වගකීමක් වෙනවා. එතකොට උතුරු, නැගෙනහිර හා අනිත් පළාත්වල සේවය කිරීම ඒ මොකද තරුණ ඩොක්ටර්ස්ලා අලුතෙන් බැඳපු ඩොක්ටර්ස්ලා ඒ ළඟ ජීවිතයෙන් වැඩි කාලයක් දැනටත් අවුරුදු පහකට වඩා ඔවුන් ජීවත් වෙන්නේ උතුරු, නැගෙනහිර... එතකොට මේ ගොල්ලන්ට කොළඹට ඒමේ අවස්ථාව නැහැ. මොකද මේ හැට තුන් දෙනමේ. වයස හැඩ තුන එනකන් වෙලා ශ්‍රේණි වෛද්‍ය නිලධාරින් වෙලා යනවා මේ කැරකෙමින් නගර ගත වෙලා ඉන්නවා. ගාල්ල ගත්තත් එච්චරයි මාතර ගත්තත් එච්චරයි. නුවර ගත්තත් එච්චරයි. එතකොට ඒ තත්ත්වය නැති කරන යමක් ඔවුන්ගේ සේවා දිගු අවශ්‍ය නම් ඔවුන් ගොස් උතුරු නැගෙනහිර වගේ පළාත්වල සේවය කිරීමට කැමැති වෙන්න ඕනෑ. ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කාරණා ගැන සලකා බලලා ඔවුන්ගේ සේවා දිගුව දෙන්න කියලා නැත්නම් අසරණ තරුණ වෛද්‍යවරුන් රට හැර යවනවාද්දන්නත් බැරි වෙනවා. ඒ වගේම ඔවුන් හිටියත් අසහන විවිධාකාර අසහනකාරි හේතුන් නිසා ඔවුන් සදහටම දුක් විඳිමින් ඉන්නවා. එකිනෙකාන් උරුසිනාසුරෙන් ඉන්නවා මානසික ආතතියෙන් තම තමන්ගේ රැකියාවල් කරනවා...
හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතාගේ විශ්‍රාමික වයස තව අවුරුද්දක් දීර්ඝ කරන මෙන් කාරුණිකව ඉල්ලමි ඔබ සැමට මහගු පිනක් ලැබේවි.
රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික ප්‍රතිකාර කිරිම තහනම් කරන්න. පුද්ගලික ප්‍රතිකාර කිරිමට අවශ්‍ය අයට රජයේ සේවයෙන් ඉවත් වී කළ හැක.