
( මහින්ද නිශ්ශංක )
පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට පමණ විරුද්ධව නඩු පැවරීමට ඊයේ (10) පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
නාඩු , කැකුළු, හා සම්බා සහල් සදහා නියම කර තිබෙන පාලන මිල ඉක්මවා කිලෝවක් රුපියල් 10 ,15 හා 20 වශයෙන් අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බව අධිකාරිය පවසයි.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා සිදු කරන වැටලීම් අද (11) සිට පුළුල් කරන බවද සදහන් කරන පාරිභෝගික අධිකාරිය සහල් තොග සගවා සිටින වෙළෙඳුන් සම්බන්ධවද මෙම වැටලීම් වලදී සොයා බලන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඬුවම් දෙන්න ,ජනතාව ලෙස අපි බලන් ඉන්නවා
ගාලු මුවදොර ගෙනල්ලා දනගස්වන්න ඔවුන්ගේ මුහුණු ජනතාවට පෙන්වන්න
කරුණාකරලා බලන්න ගොඩකවෙල ඉදන් කහවත්ත දක්වා
මෙවැනි වෙළඳුන්ගේ කඩ සීල් තැබිය යුතුයි නඩු අවසන් වන තෙක්
ඉහළින්ම දඩ ගහන්න... කල දුටු කළ වල ඉහගන්න කාලකණ්ණි.