IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැට් නිසා පොත් අලෙවිය අඩුවෙලා

(අමිල චින්තක ගමගේ)

පොත් වලට වැට් බැදු පැනවීම නිසා 30% කින් පමණ පොත් අලෙවිය අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කරයි.

මේ නිසා අලුතින් පොත් ප්‍රකාශයට පත්වීම අඩු වී ඇති බවද, සමහර මුද්‍රණාල වසා දැමීමට සිදුවී ඇති බවද, හොඳින් අලෙවිවන පොත් වල නැවත මුද්‍රණ පළ කිරීම අපහසු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ නිසා 2024 ජනවාරි මසට පෙර පැවති ලෙස පොත් කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළුව තවත් සංගම් කීපයක් එකතුව මේ ඉල්ලීම කරන බවද  සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.‍ෙමේ යෝජනාව ජාතික ජන බලවේගයේ නව රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැයට ඇතුළත් කරන ලෙසද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලෙස ඉල්ලීම් කරන බව ඔහු සඳහන් කළේය.

මෙහිදීමාධ්‍ය හමුවට එක් වූ  පොත්  සංගම් නියෝජිතයන් පෙන්වා දෙන්නේ මිනිස් ශ්‍රමය හැර පොත් සඳහා අවශ්‍ය  සියලු ද්‍රව්‍යයක්ම ආනයනය කරනු ලබන අතර ඒ අවස්ථාවේ සිටම සීයට 33.045% ක  බද්දක් රජයට ගෙවන බවයි.ඒ නිසා පොත් විකුණන අවස්ථාවේදී 18% ක එකතු කළ අගය මත වැට් බද්දක් පැනවීම බෙහෙවින් අසාධාරණ බවයි.

 

 



අදහස් (4)

වැට් නිසා පොත් අලෙවිය අඩුවෙලා

ජිල්බු Tuesday, 10 December 2024 06:58 PM

පොත් කර්මාන්තය ගොඩගන්න එක සමාගමක් ප්‍රදර්ශනය වෙලාවේ පොත් විකුණලා, ගුටිත් කවලා එවලා තිබුණා. දැන් මිනිස්සු වැඩියෙනුත් සල්ලි දීලා පොත් ගන්නවා...!

:       0       0

Kazi Shajahan Wednesday, 11 December 2024 08:51 AM

අනුර කිව්වානේ, වැට් සීරෝ කරනවා කියලා පාසල් ද්‍රව්‍යවල... කතා විතරයි. ජනතාව 2/3 දුන්නේ ඕවා කරන්න තමයි. දැන් අපි ඇඳිලා ඉන්නේ. අපි රැවටුණා දෙවියනේ... මේ අයට ඡන්දෙ දීලා...

:       0       0

himal Wednesday, 11 December 2024 09:06 AM

ආනයන බදු ගෙව්වා කියලා කඩදාසි වලට පොත් වලට වැට් ගහන්න බෑ කියලා එකක් නෑ. අනික දැන් කොහොමත් පොත් වලට ලොකු ආදරයක් ඇති කෙනෙක් ඇරුනාම මිනිස්සු පොත් ගන්නෙ නෑ. හොඳම උදාහරණය කවි පොත්.

:       2       3

වික්‍රම විදුර Wednesday, 11 December 2024 07:23 PM

පොත් ප්‍රදර්ශනය තිබ්බා... එක ආයතනයක් අඩුම ලාභය කෝටිය පැන්නා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site