
(චන්ද්‍රසේන ගමගේ)
තමන් රතු කැකුළු සහල් කිලෝව රුපියල් 207 ගණනේ වෙළදසැල්වලට අළෙවි කළ ද බොහෝ වෙළදසල් අධික ලාබයත් තබා ගෙන එම සහල් රුපියල් 240 ට අළෙවි කළ බව බරවකුඹුකේ මධ්‍ය පරිමාන සහල් මෝල හිමිකරුවෙක් වන කේ .ඩබ්ලිවු. සමරසේකර මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ අද දහවල් බරවකුඹුකේ පිහිටි ඔහු ගේ සහල් මෝල පරීක්ෂ කිරීමට පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් හමුවේදීය.
එහිදී ඔහු වැඩි දුරටත් කිාය සිටියේ ඉතා අඩු මිල ගණන් යටතේ ලංකා සතොසට තමන් වසර ගණණාවක් තිස්සේ සහල් අළෙවි කරනවා. මේ වන විටද තමන් මෙම මාසය තුළදි රතු කැකුළු කිලෝ ලක්ෂ 08ක් පමණ ලංකා සතොසට අළෙවි කොට තිබෙනවා.
අද දින පරීක්ෂාවට ලක් කළ සහල් මෝල දෛනික වී කෙටීම පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 215 ගණනේ අළෙවි කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිල්ලර වෙළදුන් අධික ලාභයක් ගත්තා
සහල්බත් Wednesday, 11 December 2024 07:29 AM
ඔව් ඇත්ත, මාතර වෙලේවත්තේ ආසිරි සුපර් ග්‍රොසරි කියන තැනින් නාඩු සහල් කිලෝව මුලින් 235ටත්, ඊළඟට 245 ටත් මේ වනවිට 270 ටත් අලෙවි කරනවා. හාල් උරවල මිල සඳහන් ලේබල් ගලවා ඉවත් කර ඔවුන් පනවන අධි මිලට විකුණනවා. පහුගිය කාලේ හොඳට හම්බකළා. මා ගාව ඔවුන්ගේ බිලකුත් තියෙනවා අධි මිලට විකුණපු. මාතර පාරිභෝගික අධිකාරියේ කාර්යාලය අලස හා අකාර්යක්ෂම එකක් නිසා බයක් හැකක් නැතුව ඔවුන්ට මේ නීති විරෝධී ක්‍රියාව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා...
Nishan Wednesday, 11 December 2024 08:12 AM
මීට මාස දෙකකට කලින් රුපියල් 170 උපරිමේට විකුණපු හාල් තමයි මේ රුපියල් 240ට නග්ගලා තියෙන්නේ. පුනරුදේ පුනරුදේ...!
සෙනෙවිරත්න Wednesday, 11 December 2024 11:01 AM
ඔව් පොල් සහ සහල් මිල ඉහළයාම තුළ අපේ සමහරුන්ගේ අවංකභාවය ගැන ලිට්මස් පරීක්ෂාවක් සිදුවිය. රු 150 ට ගන්නා පොල් ගෙඩිය රු 220 ට අලෙවි කර වාර්තාගත ලාභ ලැබීය.
Samantha Wednesday, 11 December 2024 12:13 PM
සහතිකම ඇත්ත අපේ හිතවතෙකුට මමත් පොල් ටිකක් දුන්නා මට 125/= බැගින් ගෙවූ ඔහු ඒවා 200/= ක් ඉක්මවා විකුණුවා (එහෙම බැලුවම ගෙඩි කඩා ලෙලිගසා ප්‍රවාහනයට 25/= ගියාම මට 100/= ක් ලැබෙද්දී මුදළාලි නිකම්ම ඉදගෙන 75/= ගන්නෙවා කියල කීප දෙනෙක්ම කිව්වා) දේශපාලුවො රට කෑවා කිව්වට වැඩියෙන් කෑවෙ නිළධාරි මාපියාව වගේ ගොවීන් හා වගා කරුවන්ට සොච්චමක් ගෙවූ වෙළෙන්දො තමයි දෙවැනි මංකොල්ලකාරයො කියලම කියන්න පුලුවන්
Wimal Perera Wednesday, 11 December 2024 01:03 PM
සිල්ලර වෙළඳුන් සිදුකරන මෙවැනි කූට වෙළෙඳාම නිසා බලයට පත් රජය ජනතා ආකර්ෂණයෙන් බැහැර වනබව යි සිදුවන්නේ එනිසා වහාම ක්ෂනිකව ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කිරීම වැදගත්