
(යොහාන් භාසුර)
රජයේ පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන් සොයා රට පුරා මෙහෙයුම් අද (10) ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මෙහෙයුම්වලට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ දිස්ත්‍රික්ක කාර්යාලවල නිලධාරීන් යොදවා ඇති බවත් එම නිලධාරීන් ඊයේ දිනයේ පමණක් සහල් අළෙවිසැල් දහසකට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කළ බවත් එම නිලධාරියා කීය.
මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැඩි මිල සහල් සොයන්න රටපුරා මෙහෙයුම්
siri Tuesday, 10 December 2024 05:11 PM
මෙතෙක් කල් හාල් හංගගෙන හිටියා. දැන් හොයන්න උත්සාහ කළේ නැහැ. කට්ටිය එකතු වෙලා ගණන් වැඩි කරලා දුප්පත් ජනතාවගේ පොකට් එකට විදලා දැන් මොනවද හොයන්නේ. ගණන් වැඩි කළාටද පසුවද උදෑසන ඉඳන් ඔය හාල් තියෙන්නේ...? ජනතාව ගොනාට අන්දන සෙල්ලම තමයි.
දස්තා Tuesday, 10 December 2024 05:45 PM
එන්න අම්බලන්දුව පානදුරට මෙහෙ කොහේවත් වැඩි මිලට මොකවත්ම විකුණන්නේ නැහැ පානදුර ප්‍රාදේශීය සභාව පවා මේ ගැන දැනගෙන මෙහෙට එන්න කිව්වත් එන්නේ නැහැ.
nanda Tuesday, 10 December 2024 06:02 PM
මෙතෙක් කල් සහල් හංගගෙන හිටිය තැන් නොසොයා ගානත් වැඩිකරලා දීලා මෝල් කාරයෝ සතුටු කරලා දැන් තව නාටකයක් රඟ දක්වන්න හදන්නේ...
Susantha Wednesday, 11 December 2024 06:37 AM
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අකුරණ සිට පැමිණ සිල්ලර වෙළඳාමේ යෙදෙන පිරිස් ඉතා අසාධාරණ ලෙස සහල් අධික මිලකට විකුණන එක වහාම සොයා බලන්න...!
Kamal Koyrala Wednesday, 11 December 2024 01:33 PM
වැටලීම් ඵලක් නෑ මහජන පැමිණිලි බාරගන්න සෑම වෙළඳසැළකම බඩු සඳහා කුවිතාන්සියක් නිකුත් කිරිම නීතියක් බවට පත් කර පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරන්න