
(යොහාන් භාසුර)
රජයේ පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන් සොයා රට පුරා මෙහෙයුම් අද (10) ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මෙහෙයුම්වලට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ දිස්ත්‍රික්ක කාර්යාලවල නිලධාරීන් යොදවා ඇති බවත් එම නිලධාරීන් ඊයේ දිනයේ පමණක් සහල් අළෙවිසැල් දහසකට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කළ බවත් එම නිලධාරියා කීය.
මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කල් හාල් හංගගෙන හිටියා. දැන් හොයන්න උත්සාහ කළේ නැහැ. කට්ටිය එකතු වෙලා ගණන් වැඩි කරලා දුප්පත් ජනතාවගේ පොකට් එකට විදලා දැන් මොනවද හොයන්නේ. ගණන් වැඩි කළාටද පසුවද උදෑසන ඉඳන් ඔය හාල් තියෙන්නේ...? ජනතාව ගොනාට අන්දන සෙල්ලම තමයි.
එන්න අම්බලන්දුව පානදුරට මෙහෙ කොහේවත් වැඩි මිලට මොකවත්ම විකුණන්නේ නැහැ පානදුර ප්‍රාදේශීය සභාව පවා මේ ගැන දැනගෙන මෙහෙට එන්න කිව්වත් එන්නේ නැහැ.
මෙතෙක් කල් සහල් හංගගෙන හිටිය තැන් නොසොයා ගානත් වැඩිකරලා දීලා මෝල් කාරයෝ සතුටු කරලා දැන් තව නාටකයක් රඟ දක්වන්න හදන්නේ...
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අකුරණ සිට පැමිණ සිල්ලර වෙළඳාමේ යෙදෙන පිරිස් ඉතා අසාධාරණ ලෙස සහල් අධික මිලකට විකුණන එක වහාම සොයා බලන්න...!
වැටලීම් ඵලක් නෑ මහජන පැමිණිලි බාරගන්න සෑම වෙළඳසැළකම බඩු සඳහා කුවිතාන්සියක් නිකුත් කිරිම නීතියක් බවට පත් කර පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරන්න