IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

මෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ  පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද(11 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය. .

ඔහු එසේ පැවසූවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය යටතේ ,  දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගී වී ආපසු මෙරටට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා , දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත් , තවමත් අපට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය .

ඒ සදහා  ඉදිරි දින වල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත , ටෙස්ට් තරග දෙකකින් සමන්විත  ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගාවලිය පිළිබඳ , තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද පැවසීය .

 



අදහස් (6)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

ජිල්බු Wednesday, 11 December 2024 01:09 PM

ඔස්ට්‍රේලියාව එක්ක නේද? දැඩි කියන්නෙ, උපරිම දැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්න, ක්‍රීඩකයා. බලාපොරොත්තු ටික තදකරල අල්ලගෙනත් ඉන්න.

:       0       10

Rex Wednesday, 11 December 2024 01:43 PM

ඡන්දෙන් පැරදුණු අයගේ කතාවක් මෙයා කියලා තියෙන්නේ .. ඉනිම 3 හොඳට සෙල්ලම් කරා නම් ටෙස් මැච් දෙකම පරදින්න බෑ නේ.. මෙවැනි කතා කියලා හිත සනස ගන්න එපා. ඇත්ත කියන්න අපිට වඩා හොඳට දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළා කියලා.. ඒක තමයි ක්‍රීඩාවේ මහත්මා ගුණය සහ ගතිය

:       1       14

Don Wednesday, 11 December 2024 05:27 PM

මැච් 2 විතරක් නෙවෙයි... ඉනිම 4කුත් පරාද වෙලා ඉන්නේ...! 

:       0       0

Lalla Wednesday, 11 December 2024 05:36 PM

බැරිකමට පිළිතුර ධෛර්යයමත්ව නොනැවතී පුහුණුවීම. උදාහරණය සංගා. ශතකයක් ගත්තත් පසුවදාත් නැවත පුහුණුවේ. ඔහු ආදර්ශයට ගන්න. කවුරුත්ම සුපිරි නෑ. උත්සාහ කරන්න ඕනෑ...

:       0       0

ජගත් ලියනගේ Wednesday, 11 December 2024 10:44 PM

පෙර සූදානම මදි. අපේ ක්‍රීඩකයින්ට ඉපිලෙමින් දෝලනය වන පන්දුවලට මුහුණදීමේ නොහැකියාව නිසා තමයි පරාද වුනේ...

:       0       0

fairoos Thursday, 12 December 2024 10:48 AM

හොඳට දිනන්නඩ තිබිච්ච තරග පැරදිලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site