
(සිතුම් චතුරංග)
යාපනය ශික්ෂණ රෝහලේ දී හදුනා නොගත් උණ රෝගී තත්වය හේතුවෙන් තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර අැති බවත් එය ජනතාව බියවිය යුතු නැතැයි යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසයි.
රෝගීන් මියයෑම සහ අදාළ රෝගී තත්වය හදුනා නොගත් මාරාන්තික උණ රෝගයක් වන බවට ඇතැම් පිරිස් ප්‍රචාරණය කළද එම උණ රෝගය මී උණ විය හැකි බවට වැඩි ඉඩක් පවතින බව යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
සත්‍යමූර්ති මහතා පැවසූවේ මාරාන්තික හදුනානොගත් රෝගයකින් යාපනයේ තිදෙනෙක් මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් තහවුරු කර නොගෙන ප්‍රචාරයන් සිදුකොට ඇති බවත් එයින් ජනතාව භීතියටපත්ව අැති බවත්ය .
අදාළ රෝගය මී උණ රෝගය විය හැකි බවට වැඩි ඉඩක් පවතින බවත්, ජනතාව කිසිදු අනවශ්‍ය ආකාරයේ බෝවන රෝග බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
යාපනය දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 45 ත් 28 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙකු උණ රෝගී තත්වයක් මත යාපනය ශික්ෂණ රෝහලේදී පසුගිය දිනවල මියගොස් සිටියහ.
මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් රසායනාගාර පරීක්ෂාවන් සදහා යොමුකර අැති අතර එම පරීක්ෂණවලින් අනතුරුව රෝග තත්වය කුමක්ද යන්න නිශ්චිතවම කිව හැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්