
(විමුක්ති එස් රුද්‍රිගු)
දූෂණ හා වංචාවන්ට සහ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙදෙනෙකුට ඊයේ (09) සම්බාධක සහ වීසා සීමා කිරීම් පැනවූ අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ද ඇතුළත්ව සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
පවතින වෙළඳපොළ මිලට වඩා වැඩි මුදලකට ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයා බස් මිලදී ගැනීම සඳහා කපිල චන්ද්‍රසේන මහතා පගාවක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් ඔහු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බැවින් චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සම්බාධක, වීසා සීමා කිරීම් පනවන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.
උදයංග වීරතුංග මහතා ලංකා හමුදාවට මිත්‍යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිත යෝජනා ක්‍රමයක් අනුගමනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බවත් හේතුවෙන් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සම්බාධක සහ වීසා සීමා කිරීම් පනවන බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාර්බස් අල්ලස් සිද්ධිය අහුවෙන්නේ ඇමරිකානු එෆ් බී අයි පරීක්ෂණයකදී. මේ අල්ලස ලැබෙන්නේ සාටක බේබිට. කපටි බේබි ඒක අල්ලන්නෙවත් නැතුව එකල එයා ලංකා ප්‍රධාන විධායකගේ ගෑණිගේ නමට සිංගප්පූරුවේ ගිනුමක් ඇර එයට ගෙන්නා ගන්නවා. දැන් මේ දෙන්නම ඔස්ට්‍රේලියාවට පැනලා ඉන්නේ. ඔස්ට්‍රේලියානු බලධාරීන්ව දැනුවත් කරන්න මෙම හොර වංචනික යුවල ගැන.
පසුගිය කාලවල්වල හොරකම්, වංචා, දූෂණ වුණේ නැතිගානටනේ බත්කන හරක්ටික දිවා-රෑ තප්පුලන්නේ. එතකොට මේ මොනවද දන්නෑ...
දෙන්නම ඇතුළේ ඉන්න ඕනෑ අය නේද? දැන්වත් මේවා ඔප්පුකරන්න බැරිවෙයිද?
රනිල් කිව්වා නේද වැඩියෙන් ඇමරිකාව උදව් කරන්නේ එයාට විතරයි කියලා? දැන් හිටලු ආන්ඩුවේ හොරුන්ට සම්බාධක දානවා. ට්‍රම්ප් ආවාම රාජපක්ෂ හොරුන්ටත් ඇමරිකාවට යන්න බැරි වෙයි.
මොවුන්ට තවමත් ලංකාවෙන් කන්න, බොන්න, නිදාගන්න දෙනවනේ... හොර හැත්ත...
රාජපක්ෂලාගේ දෙන්නෙක් තමයි
අප්පේ ඇති යාන්තම් හිරේ නොයවා වීසා කෑන්සල් කරපු එක. ඇමෙරිකාව විතරද? තව රටවල් තියෙන්නේ යන්න.