IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිලින්ඩර් මන්ත්‍රී ධුර හොරෙන් පත් කිරීම ගැන එජාපයෙන් නිවේදනයක්

 

(අංජුල මහික වීරරත්න)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙසේද පවසයි.

ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතා වලට එළැඹියේය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි.එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.

අද වන තෙක් ගිවිසුම් වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත.ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කර නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත

එම  තීරණය උල්ලංඝනය කරමින්  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි.දේශපාලන හොරකමකි.

රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ.කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.‍ෙජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.



අදහස් (11)

සිලින්ඩර් මන්ත්‍රී ධුර හොරෙන් පත් කිරීම ගැන එජාපයෙන් නිවේදනයක්

බකල ජයා Tuesday, 10 December 2024 06:52 PM

දැන් තේරෙනවා නේද මේ කට්ටිය තට්ටු මාරු වෙවී මෙච්චර කාලයක් රට පාලනය කරලා තියෙන හැටි. එක්කෙනෙක් එක දෙයක් කරන කොට, නිව්ටන්ගේ තුන්වෙනි නියමය වගේ තව කෙනෙක් ඊට විරුද්ධ දෙයක් කරනවා. හරිම ගෞරවනීය විදිහට වැඩකරන මේ දේසපාලුවන් රටකට වාසනාවන්!

:       3       80

Mahinda Tuesday, 10 December 2024 07:04 PM

රටට බණ දේශනා කරන මහා පළපරුදු කජු සීයාගේ පක්ෂය පිනට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයට අඬාවැටෙන තරමක්. හිතාගන්න පසුගිය කාලයටම රටට සිදුවුනේත් මේ දේම තමයි. ඔය වජිර අබේවර්ධන තමයි දිල්රුක්ෂි ඩයස් මැතිණියට දුරකථන ඇමතුමක් අරන් ඒක නිශ්සන්ක සේනාධිපතිට දීලා ඔහු ඒක ව්‍යාජව සංස්කරණය කරලා සමාජ මාධ්‍යයට මුදාහැරලා ගරු අධිකරණයේදී වරදකරුවෙක් වුනේ... එහිදී එතුමිය විශාල වන්දි මුදලක් ඉල්ලා ගරු අධිකරණය ඉදිරියේ නඩුවක්පැවරූ බවද මාධ්‍ය එකල වාර්තා කළා.

:       0       0

Rata Perata Tuesday, 10 December 2024 07:16 PM

ජාතික ලැයිස්තු මන්ත්‍රී පත් කරගන්න බැරි අය රටේ ආර්ථිකය ගැන කතා කරන එක තමයි නියම විහිළුව. සිලින්ඩර සීයා තරම් දුර්වල නායකයෙක් අපේ රටේ දේශපාලන ඉතිහාසයේම ඉඳලා නැතිව ඇති.

:       0       0

saman Tuesday, 10 December 2024 07:31 PM

එක්සත් ජාතික පක්ෂය පළාත් 9ය ආවරණය වන පරිදි ශක්තිමත් කළයුතුව ඇත. දූෂිතව මන්ත්‍රීධුරය ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ සියලු පක්ෂ කණ්ඩායම් එක්ව ගත් තීරණයට පිටුපා තිබේ නම් ඔහුට එම මන්ත්‍රීධුරය ලබා නොදිය යුතුවේ.

:       0       0

සුපුන් චාමර Tuesday, 10 December 2024 09:21 PM

මෙයාට නම් හොඳම වැඩේ වුනේ. ඒ දවස්වල හොඳම ගොන් කතා කිව්ව එක කෙනෙක් මේ. අනිත් කෙනා පොහොට්ටුවේ සාගර...!

:       0       0

පිටරටවැසියා Tuesday, 10 December 2024 11:25 PM

පිනට ලැබිච්චි දෙක කටට දාගන්න බැරිව විඳින දුකක්... 2048 වෙනකම් හිටියා නම්, රටට අබ සරණම තමයි...

:       0       0

Perera Wednesday, 11 December 2024 12:24 AM

ඔක්කොම හොර මගෝඩිස්ලා... තව එනවා බාර් ලයිසන් දුන්නු හැටි කියන්නත්...

:       0       0

sam Wednesday, 11 December 2024 05:27 AM

වජිර කියන්නේ නොම්මර එකේ යටිමඩි කාරයෙක්...

:       0       0

රුවන් Wednesday, 11 December 2024 06:47 AM

මට පේන විදියට නම් රනිල් බහුතරයක් එක්ක රජයක් පිහිටවුවා නම් අද පාර්ලිමේන්තුවම පිස්සන් කොටුවක් වගේ ගහා මරා ගන්නවා. රටත් පිස්සු නටයි. ලංකාවේ මිනිස්සු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවටම පනින්න වෙයි.

:       0       0

Kamal Koyrala Wednesday, 11 December 2024 01:31 PM

මේ ගැන රනිල් මොකුත්ම දන්නේ නෑ... වහාම කමිටුවක් පත්කරන්න මේ ගැන හොයා බලන්න

:       0       5

B Amarasinghe Wednesday, 11 December 2024 01:44 PM

රනිල් වික්‍රමසිංහ රටේ නායකත්වයට තබා පක්ෂයක නායකත්වයටවත් සුදුසු නැති බව තහවුරු කරයි...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site