
(සුජිත් හේවාජුලිගේ)
කතානායක අශෝක සපුමල් රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනාත්මක කතාබහක් ඇතිවී තිබේ.
සිය ප්‍රකාශයෙන් ඊට පැහැදිලි උත්තර ලබාදීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටි.
සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා ප්‍රකාශයන් නිකුත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා(10) ප්‍රකාශ කළේය.
මේ අතර කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද දන්නේ නෑ කියන්ඩ හිතන් ඉන්නේ...
මහජනයා ජාජබට ඡන්ද දුන්නේ අවංකව විශ්වාසයක් ඇතිව... ඒ විශ්වාසය එලෙසම තබාගත යුතුයි. ආචාර්ය, මහාචාර්යවරු පාර්ලිමේන්තුවට ඉල්ලුවේ නැහැ. එතැනට අවශ්‍ය දූෂණ විරෝධි පිරිසක්... ඒ නිසා තමන්ට තියෙන උපාධි ගැන බොරු කියන්න අවශ්‍ය නැහැ. මේ වගේ තව කීදෙනෙකු ඉන්නවාද? දැන්වත් ඇත්ත කියන්න.
වැරැද්ද පිළිගෙන ජනතාවගෙන් වැඳලා සමාව ගන්න. තවදුරටත් බොරු කියලා වැඩක් නෑ.
හිටපු කතානායකවරු, ජනාදිපතිවරු, මැති ඇමැතිවරුන්ගේ තියෙන සුදුසුකම් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පට්ට හොර දූෂිතයෝ...!
අපරාදේ... ඒ වෙනුවෙන් යොදන කාලය, ඊට වඩා වටිනා දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන්න. සහතිකේ ෆේස්බුක් දාන්න, වැඩේ ඉවරයි...!
ඒ මොකද එච්චර කාලයක් ගන්නේ? ඔය වගේ වැදගත් සහතික පතක් කුස්සියේ දුම් මැස්සේ නෙමෙයි නේද තැන්පත් කර තියන්න ගන්නේ මගේ සියලුම සහතික පත් පරිස්සෙමෙන් ෆයිල් එකක අමුණලා තිබෙන නිසා ඕනම සහතිකයක් විනාඩි කිහිපයකින් එළියට ගන්න පූළුවන්...
කතන්දරේ කියන්න ඔච්චර කල් මරමර පැකිලෙන්නේ මොකද?
පරක්කු වැඩියි.දැනටම පච වෙලා නිග්‍රහයට පාත්‍ර වෙලා ඉවරයි. කවුද මන්ත්‍රීල වෙන්න උපාධිය සම්පූර්ණ කර ගැනීම ඕන කිව්වේ. මූලික අධ්‍යාපනය සහ බුද්ධිය ඒ සඳහා මදිද?
චාමර සම්පත්, ඩි.ඩි.චානක, නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස වගේ උගතුන් වෙන්න ඇති පාර්ලිමේන්තුවේදි කතානායකගේ උගත්තම පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කරන්න යන්නේ.
මා දන්නා පරිදි ඔහුට මූලික උපාධියක් පවා නැත. ඔහුට ඇත්තේ ඉංජිනේරු ඩිප්ලෝමාවකි. රටේ බහුතරයක් ඩිප්ලොමාධාරීන්ව ඉංජිනේරුවරු ලෙස හඳුන්වයි. එය බරපතල වරදකි. එනම් හෙදියක් වෛද්‍යවරයෙක් ලෙස හැඳින්වීමට සමානය. ඉංජිනේරුවරයක් යනු අවුරුදු 4 ක විද්‍යාවේදී උපාධියක් ලැබූවෙකි. නමුත් එවැනි ඉංජිනෙරෙරුවරුන්ට ලංකාවෙ නිසි තැනක් නොලැබෙන නිසා 90% පමණ දෙනා රට හැර ගොසින්ය. එබැවින් සුදුසුකම් නොමැති පිරිස් ඉංජිනේරුවරු ලෙස තමාවම හඳුන්වාගනිති. මෙය බරපතළ තත්වයක් වන අතර ඉදිරියේදී මහත් ව්‍යසනයකට හේතු වේ
අරවින්ද මොනරවිල, ඔයාට ගැටලුව අවබෝධ වෙලා නෑ .. ගැටලුව අධ්‍යාපන සුදුසුකම් නොවේ... සේවාදාය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරිම....