(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මහ ලේකම් ඈන් මාරි ඩෙස්කොටිස් මහත්මිය අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
මෙම හමුවේදී ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.
දෙරට අතර සබඳතාව තවත් ශක්තිමත් කිරීමට ප්‍රංශයේ කැපවීම මහලේකම් ඩෙස්කොටිස් මෙහිදී අවධාරණය කළාය.
එසේම, මෙම සාකච්ඡාවේදී සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කළාපීය මධ්‍යස්ථානය සමග ගිවිසුම්ගත වීමේ වැදගත්කම අවධාරණය කළ අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලදී.
ප්‍රංශ රජය සමඟ සබඳතා ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පිළිබඳව අවධාරණය කළ අගමැතිවරිය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස, පාරිසරික ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රංශය සමග සහයෝගිතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ අතුරලිය යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ගෙන ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටුවන බව සභානායක අමාත්‍ය බිමල්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රංශයේ යුරෝපා මහලේකම් අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
Toni Thursday, 12 December 2024 10:45 PM
ප්‍රංශය පාලනය කරන හැටි පිළිබඳ උපදෙස් ටිකක් අහගන්න තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. හරිම ආඩම්බරයි අපිට..