
(මනෝ ප්‍රිය ගුණසේකර)
මානසික ආබාධ සහිත දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකාවෘත්‍තියේ යෙදවීම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ 37 හැවිරිදි එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතල වැඩසහිත වසර 30ක සිර දඬුවම් නියම කළේය.
තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම මානසිකව මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද සමාජයේ සිටින මිනිසුන් ගරු කළ යුතු බව අවධාරණය කළ විනිසුරුවරයා මෙවැනි නොපනත්කම් කරන මිනිසුන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් නොමැති බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
එක් චෝදනාවකට වසර දහය බැගින් චෝදනා තුනට වසර තිහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් විත්තිකරුට නියම කළ විනිසුරුවරයා වින්දිත මන්ද මානසික දැරියට රුපියල් ලක්ෂ හතරහමාරක වන්දියක් ගෙවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 45,000/- ක දඩයක් ගෙවීමටද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආබාධිත හෝ කුඩා දරුවන් පෙන්වමින් හිඟා කන වැඩිහිටියන් හෝ දෙමාපියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බැරිද? දරුවන් නිකමුන් හොරුන් කිරීම ආරම්භ වන එක මාර්ගයක් මේ ක්‍රමය....
බොහොම හොඳ තීන්දුවක්