
(අංජුල මහික වීරරත්න)
කථානායක අශෝක රන්වල මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා ලංකාදීපයට පැවසීය.
කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නකාරී තත්ත්වය නිසා ඔහු පිළිබද විශ්වාසය කඩ වී ඇතැයිද එම නිසා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම රැස් වී අදාල තීරණය ගත් බව ද ජානක මහතා සඳහන් කළේය. පොදු ජන පෙරමුණ ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු පක්ෂ වලට ලිඛිතව දැනුම් දෙන බව කී ඩී.වී චානක මහතා ඒ අනුව අදාළ විශ්වාස භංගය සඳහා ඔවුන්ගේ ද සහාය ලබා ගැනීමට අදහස් කරන බව කීය.
රටේ ඉහළ පෙළේ පත් කිරීම් කරන ව්‍යවස්ථාදායක සභාවේ සහ උසස් නිලතල කාරක සභාවේ ප්‍රධානියා වන්නේ කථානායකවරයා බව කී චානක මහතා එවන් උසස් තනතුරු පත් කරන තැනක ප්‍රධානියා තමන්ට නැති උපාධියක් ආරූඪ කරගෙන තිබේ නම් එය ගැටලු සහගත තත්ත්වයක් බව ද වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ ඉන්න සුද්දවන්තයෝ ගැන නම් කියලා වැඩක් නැහැ...!
මේ වගේ කුහකයින් හැත්තක්. ඔයාලා විනාශ කරපු රට ගොඩ ගන්න උදව් කරපියව්! කකුලෙන් අදින්නේ නැතුව...!!!
මෙයා ආචාර්ය උපාධිය අරගෙන ඇත්තේ...
නාමල්ගේ නීතීඥ උපාධියත් අභියෝගයට ලක්කරන්න ඕකත් එක්කම...
ජාතික සංවිධායක නීතීඥතුමාටත් විශ්වාස භංගයක් ගෙනෙනවාද??
වැරැද්ද කවුරු කළත් වැරැදියි. ජා.ජ.බ මෙම සිද්ධිය ගැන විවෘතව උත්තරය ප්‍රකාශ නොකරන්නේ ඇයි? කතානායක රකින්නේ ඇයි? එක්කෝ කතානායක ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් තමා නිවැරැදි බවට ඔප්පු කළ යුතුයි. පමාවෙන තරමට මඩ නානවා.
නාමල්ගේ නීති විභාගේ ගැනත් හොයමු නේද
කතානායකගේ සුදුසුකම් පිළිබඳව හරියට ඔප්පු නොවුණොත්, ඔහුව අයින්කරලා වෙන කෙනෙක් පත්කරාවි. දේශපාලුවන්ට කඩේ ගිය නළු නිළියන්ටත් දූෂිත දේශපාලුවන්ටත්... ආචාර්‍ය උපාධි තියෙන්නේ...!