(අංජුල මහික වීරරත්න)
කථානායක අශෝක රන්වල මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා ලංකාදීපයට පැවසීය.
කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නකාරී තත්ත්වය නිසා ඔහු පිළිබද විශ්වාසය කඩ වී ඇතැයිද එම නිසා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම රැස් වී අදාල තීරණය ගත් බව ද ජානක මහතා සඳහන් කළේය. පොදු ජන පෙරමුණ ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු පක්ෂ වලට ලිඛිතව දැනුම් දෙන බව කී ඩී.වී චානක මහතා ඒ අනුව අදාළ විශ්වාස භංගය සඳහා ඔවුන්ගේ ද සහාය ලබා ගැනීමට අදහස් කරන බව කීය.
රටේ ඉහළ පෙළේ පත් කිරීම් කරන ව්‍යවස්ථාදායක සභාවේ සහ උසස් නිලතල කාරක සභාවේ ප්‍රධානියා වන්නේ කථානායකවරයා බව කී චානක මහතා එවන් උසස් තනතුරු පත් කරන තැනක ප්‍රධානියා තමන්ට නැති උපාධියක් ආරූඪ කරගෙන තිබේ නම් එය ගැටලු සහගත තත්ත්වයක් බව ද වැඩිදුරටත් පැවසීය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොහොට්ටුවෙනුත් කතානායකට විශ්වාස භංගයක්
පිටරැටියා Thursday, 12 December 2024 08:46 PM
පොහොට්ටුවේ ඉන්න සුද්දවන්තයෝ ගැන නම් කියලා වැඩක් නැහැ...!
m.dammasiri Thursday, 12 December 2024 08:54 PM
මේ වගේ කුහකයින් හැත්තක්. ඔයාලා විනාශ කරපු රට ගොඩ ගන්න උදව් කරපියව්! කකුලෙන් අදින්නේ නැතුව...!!!
Prasanna Thursday, 12 December 2024 09:20 PM
මෙයා ආචාර්ය උපාධිය අරගෙන ඇත්තේ...
Perera Thursday, 12 December 2024 11:43 PM
නාමල්ගේ නීතීඥ උපාධියත් අභියෝගයට ලක්කරන්න ඕකත් එක්කම...
පිටරටවැසියා Friday, 13 December 2024 12:04 AM
ජාතික සංවිධායක නීතීඥතුමාටත් විශ්වාස භංගයක් ගෙනෙනවාද??
sunil Friday, 13 December 2024 04:25 AM
වැරැද්ද කවුරු කළත් වැරැදියි. ජා.ජ.බ මෙම සිද්ධිය ගැන විවෘතව උත්තරය ප්‍රකාශ නොකරන්නේ ඇයි? කතානායක රකින්නේ ඇයි? එක්කෝ කතානායක ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් තමා නිවැරැදි බවට ඔප්පු කළ යුතුයි. පමාවෙන තරමට මඩ නානවා.
Shyama Nanayakkara Friday, 13 December 2024 06:52 AM
නාමල්ගේ නීති විභාගේ ගැනත් හොයමු නේද
ගමේ එකාලා Friday, 13 December 2024 05:26 PM
කතානායකගේ සුදුසුකම් පිළිබඳව හරියට ඔප්පු නොවුණොත්, ඔහුව අයින්කරලා වෙන කෙනෙක් පත්කරාවි. දේශපාලුවන්ට කඩේ ගිය නළු නිළියන්ටත් දූෂිත දේශපාලුවන්ටත්... ආචාර්‍ය උපාධි තියෙන්නේ...!