
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.
කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේ දී අස්වැසුම සමාජ සූබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ දී එම කරුණු අනාවරණය විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සේනක පල්ලියගුරුගේ මහතා මෙසේ ද කීය.
“මම මේ විෂයට අදාල රාජ්‍ය නිලධාරියෙකු නොවුනත් මෙතන ඊට අදාල නිලධාරීන් ඉන්න නිසා රජයට බදු ගෙවන පුරවැසියකු ලෙස මේ දේ කියන්න කැමතියි. මොකද මගේ පඩියෙනුත රුපියල් පහලොස් දහසක් බදු විදියට කැපෙනවා.මගේ මිතුරන් කිහිප දෙනෙකුම ඉන්නවා බැංකු කලමණාකරුවන් ලෙස සේවය කරන.ඔවුන් මට වගකීමෙන් කියා තිබෙනවා සමහර අස්වැසූම් ප්‍රතිලාභ ලබා ගැනීමට තමන්ගේ බැංකුවට එන අයට රුපියල් මිලියන තුන හතර ස්ථාවර තැන්පතු තිබෙන බව. අස්වැසුම මුදල් මාසිකව ගන්න ගමන් සමහරු ඒ ස්ථාවර තැන්පතු වල මාසික පොලියත් ලබා ගන්නවා. අස්වැසුම ගීණුම හීමි ප්‍රතිලාභියාගේ ජාතික හැදුනුම්පත් අංකය යටතේම එම ස්ථාවර තැන්පත් ගිණුමත් තිබීම විශේෂයි.බැංකු වලට මේ තොරතුරු දෙන්න යාන්ත්‍රණයක් නෑ.ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්”
ඊට පිළිතුර ලෙස අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කලේ දැනට අස්වැසුම් ප්‍රතිලාභ ලබා ගන්නා සියලුම ප්‍රතිලාභීන් ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නැවත සමාලෝචනය කිරීම සදහා ලබා දෙන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ලංකා වැසියන්ට ඕන සිස්ටම් චේන්ජ් එකක්ලු. ළමයි ඉපදෙන්නත් කලින් ඉඳලා හොර ලිපින හදන, හොර වතුර ලයිට් බිල් හදන, පුළුවන් විදියට රජයේ සල්ලි වංචා කරන, ඉපදෙන කොට හොරෙක් විදියට ලෝකෙ එළිය දකින ළමයි හදන අපිට ඕනෑ සිස්ටම් චේන්ජ් එකක්....!
සමහරවිට මිලියනපතියන් අසවැසුම ගත්තේ ටිල්වින් එක්ක රුපියල් 50,000 කට ABBA ෂෝ එක බලන්න වෙන්න බැරිද?
පළාත් ඉඩම් කොමසාරිස්තුමාගේ අදහස සියයට දාහක්ම නිවැරැදියි කියන්න පුළුවන්... අපේ ප්‍රදේශයේ වුණත් එහෙම අය ඉන්නවා. ලැබෙන ආදායම් බැංකුවේ නොදා පෙට්ටගම්වල පුරවනවා... මේ මුදල් රටේ සංචරණයට මහ බැංකුවෙන් නිකුත්කළා වුණත් කිසිම ප්‍රයෝජනයක් නැතුව අහුමුලුවල දිරාපත් වෙනවා. ඇන් ඇම් ඇමැතිවරයා කළා වගේ ක්‍රමයක් කළොත් ඒවා එළියට ඒවි. එතුමා කළ එක් ක්‍රමයක් වුනේ තැන්පතු සඳහා 20% ක පොලියක් දෙන බැංකුවක් ආරම්භ කිරීම තමයි... එහෙම කරන්න බැරි නම් තොරතුරු දෙන අයට තෑගි ක්‍රමයක් සකසා නාස්තිවෙන මුදල් රැකගන්න.
මෙතැන ඇවිල්ලත් ෆෝන් එක කොටනවා...!
බොරුවට කැපිලා පෙනිලා ලකුණු දාගන්න හදන නිලධාරියෙක්, මිනිහෙක්ගේ මිලියන දශක තුනක තැම්පතුවලින් අවුරුද්දටම ලැබෙන්නේ කීයද? සමහරවිට වන්දියක් වගේ දෙයකින් ලැබුණු මුදලක් වෙන්න පුළුවන්...
වරක් මම ග්‍රාම නිලධාරී සහතිකයක් ලබා ගැනීමට ගිය විට එහි පැමිණ සිටි පරීක්‍ෂණ නිලධාරීන් පිරිසක් සදහන් කරා ඔවුන් කළ සමික්ෂණයෙන් පෙනුමෙන් විශාල නිවාස ගේට්ටු දමා යාන වාහන තිබෙන අය පාවා මේ අස්වැසුම ලබා ගන්නා රෙපොර්තු ලේඛණයේ සිටින බව...ග්‍රාම නිලධාරියාට දීමට උත්තර නැතිව සිටියා..
මේ කතාව ඇත්ත. ගම්වල හොඳ ආදායම තියෙන අයට අවුරුදු ගණන් සමෘද්ධිය ලැබුණා. අස්වැසුමත් එසේමයි.අනෙක් කාරණය මේ අය කිසිම වැඩක් කරන්න උත්සාහ කරන්නේ නෑ.සහණාධාර කපයි කියල. මේ සහනාධාර පෝලිම්වල ඉන්න තරුණ පරපුර නිකමුන් වීම වලක්වන්න බෑ නිකම්ම සල්ලි කීයක්හරි ලැබෙනතාක්.
කිසිම ලැජ්ජාවක් නැති ජාතියක්... ගොඩේ තියන රුපියල වුණත් නහය වහලා දිවෙන් ගන්න අය තමයි... මොවුන්ගේ නම් හෙළිකරන්න ඕනෑ