
(ර.මු.වී ර.බණ්ඩාර)
කුරුණෑගල අස්වැද්දුම පදිංචි, නාවින්න ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු එම කාර්යාලය තුලදී එජන්සි කරුගේ ගෙල කපා එහි සේවිකාවකට ද පහරදී පසුව ඔහුද දිවිහානි කර ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත්බව කුරුණෑගල මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේය පැවසීය.
සැකකාර පුද්ගලයා (32) හසලක ප්‍රදේශයේ පදිංචි සැකකරු ඔහුගේ අනියමි බිරිඳ බව කියන කාන්තාවක මෙම රැකියා ඒජන්සිකරු මාර්ගයෙන් "කුවෙටි" රටට ගෘහපාළිකාවක් වශයෙන් යවා යවා ඇතැයි ද ඇය දුරකතනයෙන් සමිබන්ධකර දෙන ලෙසට ඉල්ලා සිටියත් එය ඉටුනොවීම නිසා දෙදෙනා අතරවු බහින් බස්වීමකදී මෙසේ ඒජන්සිකරුගේ (52) ගෙල පිහියෙන් කපා තිබෙන බව පොලීසිය පැවසීය.
මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්ථානය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරු පිහිය සමඟ අත්අඩංගුවට ගෙන තුවාලකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාරලබමින් සිටියි.
සැකකරු විසින් කාර්යාලයේ සේවය කළ කාන්තාවකට පහරදීම නිසා ඇයද රොහල්ගත කළ බව පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා ඒජන්සි කාරයෝ හිතු හිතු ගණන් අරං රට යවන්නේ කිසිම රජයක් මේවාට විසඳුමක් දෙන්නේ නෑ.. රුමේනියාවට ලක්ෂ 19 ,20 ගන්නවා පඩිය 145000. ඒක හොයාගන්න මාස18ක් පමණ වැඩ කරන්න ඕනේ, රුමේනියාවෙන් ඉතාලි, ප්‍රංශ පැනීමෙන් කබලෙන් ලිපට වැටීමක් ලංකාව වගේ දිළිඳු රටවලින් පිරිලා, මේ රටවලට එන්න එපා. යුරෝපීයයන් කියන්නේ මේක ඔවුන්ට විශාල ප්‍රශ්නයක්..., එනවා නම් කොන්ඩේ කපන්න වත් ඉගෙනගෙන එන්න..., හොරෙන් වැඩ කරන්න පුළුවන්...