(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණයකට එළඹ ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් නායක ජීවන් තොණ්ඩමාන් මහතා විසින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය මෙන්ම තවත් අමාත්‍යවරයකුගේ ඉංජිනේරු තනතුර සම්බන්ධයෙන් දැනට මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සැලකීමට ගෙන එම ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් මෙම තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි.
කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට කථානායකවරයාගෙන් හෝ ජාතික ජන බලවේග රජයෙන් පිළිගත හැකි පිළිතුරක් මේ වන තෙක් ලැබී නොමැති හෙයින් අදාල තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ ප්‍රශ්නය පාර්ලිමේන්තු ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම්ද? මෙච්චර කල් කළේත්, දැන් කරන්න හදන්නේත් වැඩකට නැති නාස්තිකාර දේවල්. රටේ කෘෂිකර්මය නංවන හැටි, ආර්ථික ගැටළු, අධ්‍යාපන පද්ධතිය... මෙන්න මේවා හොයපල්ලා. හොරු නීතිය හමුවට ගෙන්නපල්ලා...
බලය නැති කාලේ කරන්ඩ වෙන වැඩකුත් නැතිව ඇති.
සජිත් පුතා එංගලන්තයෙන් ගත්තු උපාධිය ගැනත් මේ සමගම හොයලා බලන්න.
මොවුන්ට චිට් එකෙන් මන්ත්‍රී කෙනෙක් හරියට දාගන්න බැරිව දිවා-රෑ මාධ්‍ය නිවේදන නිකුත්කරනවා. ඒ අල්ලපනල්ලේ තමුන්ගේ ඇහේ තියෙන පොල්පරාලේ පෙනෙන්නේ නැතිව අනිත් එවුන්ගේ ඇහේ තියෙන ඉඳිකට්ට හොයනවා. දැන් රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය ආණ්ඩුවේ ඉන්න අයගේ ආචාර්ය, මහාචාර්යය පට්ටම.. අට පාස් නැතිඑවුන් පලත්සභාවල මුදල් ඇමතිකම්, අධ්‍යාපන ඇමැතිකම් කරපු ඉතිහාසයක් ඇති රටක් මේක....
මොහු ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කාර්මිකයෙක් බව චම්පික රණවක කිව්වා. එහෙමනම් මොහුට ඕලෙවල්වත් නැතුව ඇති. මොහුගෙ වයස අනුව එකල ආධුනිකත්ව මණ්ඩලයෙ පාඨමාලා සදහා ඕලෙවල්වත් අවශ්‍ය නෑ.
225 ම හොයන්න ඕනෑ...
ජීවන් තොන්ඩමන්, මාරු යෝජනාව ගෙනැල්ල තියෙන්නේ ,
අනේ මෙහෙම ආශාවක්... අනේ මෙහෙම තන්හාවක් මිනිස්සුන්ගේ ලැබෙයිද සැනසිමක්
පහුගිය ආණ්ඩු කාලේ හිටපු අයගේ අධ්‍යාපන සුදුසුකම් ...