
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිළා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්දි කරනය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාතලේ ඉහළ හරස්කම ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණි.
මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5 ක මුදලක් වැය කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය .
මාතලේ දිස්ත්‍රික්කය තුළින් උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් (ගැහැණු /පිරිමි) ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්දි කරන සිදුකර නැවත අල්ලා ගත් ප්‍රදේශයට රිලවුන් ගෙනවිත් දැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. ඒත් රිලා ගහණය ලක්ෂ 30කට වැඩියි. රිලව් කීයකට කවදා වෙනකොට ඕක කරන්න බලාපොරොත්තු වෙනවාද? අවුරුදු ගණන් ගතවෙන විසඳුම් නම් මේ වෙලාවේ වැඩක් නෑ..!
රිලා ප්‍රස්නේ අල්ලගෙන බෝඩ් උස්සන් හිටපු උදවියගේ ගෙවල් වලටත් රිලවු ගිහින් දාන්ඩයි තියෙන්නේ...
අසාර්ථක උත්සාහයක්. වගකීමෙන් කියන්නේ. මුදල් නාස්තිකරන්න එපා...
ඔය රිලා ප්‍රශ්න, අලි ප්‍රශ්න නැති, ජීවිතේට පොල් ගෙඩියක් අඹ ගෙඩියක් කන්නේ නැති පරිසර වේදියෝ බලන් ඉන්නේ මොකක් කරත් විරුද්ධ වෙන්න. අපිටත් ඉතින් ඔය සංදර්ශන වලින් වැඩක් නෑ, වැඩ මිස. ඒ නිසා කරන දෙයක් ඕකට සම්බන්ධ ඉහළ පහළ නිලධාරීන් ටික දැනගත්තාම ඇති. නැත්තන් සිද්ධ වෙන්නේ වැඩේ නොකෙරෙන තැනට වැඩ සිද්ධ වෙන එක...
රිලවුන්ටත් වන්දි දෙනවද? ගොවියාට හුලං... රිළවාට වන්දි...!
රට තුළ විශාල ව්‍යවසනයක් බවට පත්ව ඇති රිළා සහ වඳුරාගේ උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් වන උපත් පාලන ක්‍රමයක් මගින් බෝවීම වැළැක්විය හැකියි. එය දිගු කාලීන විසඳුමකි. ලංකාවේම ක්‍රියාත්මක කළ හැකි වෙනත් විසඳුම් ඇත. මේ වනවිට ලංකාවේ රිලවුන් සහ වඳුරන් / - මිලියන 3ක් පමණ සිටිනා බව සඳහන් වේ. වඳුරකුගේ අවුරුදු 15 - 40 පමණ කාලයක් ජීවත් වේ. මොවුන් වන්ධ්‍යා කරණයට ලක් කළද මෙම කාලය තුළ ඔවුන්ට යැපීම සඳහා අහාර අවශ්‍ය වේ. එම නිසා දැනට සිටිනා මිලියන 3ක් පමණ රිලවු සහ වඳුරන් ආහාරයට ගොවිබිම් හානි කිරීම වැළැක්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුවේ. එක වඳුරකු වෙනුවෙන් සේවකයින් 11 දෙනෙක් සිටිති. ඔවුන් සියල්ලෝම රිලවා දෙස බලාසිටි. ඔවුන්ගේ කාලය මහජන මුදල් මේ ආකාරයට යෙදවීම සිදුකළහොත් රිලව් සහ වඳුරන් පිළිබඳ වාර්තාවක් IMF වෙත ඉදිරිපත් කර ණයක් ලබාගැනීමට සිදුවනු ඇත...
අණ්ඩුවේ සිටින අචාර්ය රෝගය වැළඳුන සැමට ද මෙවන්නක් සිදුකර හිටපු තැනකට අතහැරලීමෙන් මෙම රෝග උවදුර තවදුරටත් පැතිරිම පාලනය කළ හැකියි...
උවදුර රිලවුන් පමණක්ම සීමා නොවේ. වල් ඌරන් ඉත්තෑවුන් තලගොයින් දඬු ලේනන් මොනරුන්...සමහර ප්‍රදේශවල වඳුරන්... දිගුකාලීන උපක්‍රම හොඳ වූවත් අධික ගහනය පාලනය කිරීම අත්‍යවශ්‍ය නේද? වගාව විනාශ වීම බොහෝ ගම්වල ආර්ථිකය කඩාවැටීමට හේතුවක්.සහනාධාර නවත්තන්න නම් මේ සතුන් විනාශ කිරීම අත්‍යවශ්‍ය කරුණක්.ගොවිතැන කිසිම විදියක වනසතුන් හෝ කෘමි සතුන් සමග සහජීවනයෙන් කල හැකි අවිහිංසාව පදනම් වූ වෘත්තියක් නොවේ.....