(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් ඒ සඳහා නම් කළ යැවූ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් සමග ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පහක් හිමි වූ අතර සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මෙයට පෙර ඒ සඳහා නම් කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුණිකා, හාල් මෝල් කාරයා සෑහෙන්න බලාපොරොත්තුවෙන් උන්නේ..
ජාතික ලැයිස්තුවේ අනුපිළිවෙළට පත්කරනවා නම් ඔය අවුල් මොකුත් නැහැ නේද? පැරදුණු අය දන්නයි රටේ නැති විකාර නිසා නේද ඔය අවුල් හැම පක්ෂයකම...? නැතිව ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කරපු අය දාන එක සදාචාරද?
හා හා හා කෝ මේ හිරුණිකා... දැං සජිත් ලාමක ටිං ටිං වෙයි.. ආයේ.. කුණු දේශපාලනේ.. හොර බනානා කාරයාටත් ජාතික ලැයිස්තු දෙන තරමට පහළට වැටිලා..
තමන්ගේ ප්‍රශ්න විදගන්න බැරි එවුන්, රටේ ප්‍රශ්න විසදන්නේ කතා කරනවා.
අපරාදෙ හොඳම කාන්තාව, හොඳම ලේකම්, හොඳම පරාජිතයා, වගේ අයට අවස්ථාවක් නොදී මහ බැංකුවේ වංචාවක් සිදු නොවීය කියලා කුලියට පොතක් ලියපු මිනිහා පාර්ලිමේන්තු එව්ව සජබෙ ඔස්තාර්ල තමන්ගේ පක්ෂයේ කෝටා එකට. ඔහොම තමයි පරිණත කියන්නේ...