
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කඩුවෙල පොලිසිය අසලදී පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පළා ගිය රාත්‍රී සමාජ ශාලා හිමිකරුට අයත් මෝටර් රථය බෝමිරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ඊයේ (11) රාත්‍රී සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
මෝටර් රථයේ සොයාගෙන ඇත්තේ සැකකරු සිය මවගේ නිවසේ මෝටර් රථය සඟවා තිබියදීය.
සැකකරු මේ වන විට ප්‍රදේශය හැර පලා ගොස් ඇති අතර ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවකු බවත් පොලිසිය කියයි.
කඩුවෙල වැලිවිට 8 කණුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ සමාජ ශාලා හිමිකරු මිතුරුකමක් පවත්වාගෙන යන අතර ඉකුත් 9 රාත්‍රී දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව කාන්තාව තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් එම කාන්තාව විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුම්වත් කර ඇති අතර පොලිස් නිලධාරීන් එම ලිපිනය සොයා යාමේදී පිටස්තර පුද්ගලයකු එම ස්ථානයේ නොවීම හේතුවෙන් පොලිස් නිලධාරින් නැවත පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd