
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.
ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇත.
ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයෝයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd