IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සහල් ආනයනකරුවෝ ඉදිරි ඇනවුම් අත්හිටුවති

(යොහාන් භාසුර)

රට තුළ නිර්මාණය වී ඇති සහල් අර්බුදය නිමා කිරීමට නම් පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් පනස්දහසත්, ලක්ෂයත් අතර ප්‍රමාණයක් ආනයනය කළ යුතු බවත් ආණ්ඩුව ඒ සඳහා පහසුකම් නොදෙන්නේ නම් ඔවුන් ඉන් ඉවත්වීමේ අවදානමක් ඇති බවත් ආනයනකරුවෝ පවසති.

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ධ අඩු කිරීමට හෝ ආනයනික සහල් මිල ඉහල දැමීමට හෝ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිය ද ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළ බවත් ඒ හේතුවෙන් ආනයනකරුවන් බොහොමයක් ඉදිරියේ සහල් ඇනවුම් කිරීම අතහැර දැමූ බවත් ආනයනකරුවෝ කියති.

බැංකුවලින් මහා පරිමාණයෙන් ණය සපයා ඇති මහා පරිමාණ මෝල්හිමියන්ට රජයේ පාලන මිල වෙනස් කරමින් තවත් රුපියල් 10 ක් දීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ඒ හේතුවෙන් මහා පරිමාණයේ මෝල්හිමියන්ට තවත් අමතර මිලියන 50 ක 60 ක ලාභයක් ඉපයීමට අවස්ථාව උදාවූ බවත් ආනයනකරුවෝ කියති.

වීමෝල්හිමියන්ට ජනතා මුදලින් අමතර රුපියල් 10ක් දුන් ආණ්ඩුව බද්ද අඩු කිරීමට කටයුතු නොකිරීම පිළිගත නොහැකි බවද ආනයනකරුවෝ සඳහන් කරති.

පෞද්ගලික ආනයනකරුවන් මේ වන විට ඇනවුම් කර ඇති සහල් තොග මේ මස 20 වැනිදාට පෙර කොළඹට ළගා විය යුතු බවත් මෙම තත්ත්වය යටතේ ආනයනකරුවන් ඉදිරියේදී සහල් ඇනවුම් කරනවාද යන්න සැක සහිත බවත් ඔවුහු කියති.

ආණ්ඩුවේ ආයතන දෙක වන ලංකා සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යන ආයතන දෙක පළමුවේ ආනයනය කිරීමට බලාපොරොත්තුවන සහල් මෙට්‍රික්ටොන් 10,400 ක ප්‍රමාණයද මේ දක්වා ලැබී නොමැති අතර ඊයේ පස්වරුව වන විට ද රට පුරා සහල් හිඟය දැඩිව පැවතුණි.  මේ පිළිබඳව දැනගැනීමට ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.

ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසුවේ ආනයනික සහල් විශාල තොගයක් ඊයේ පස්වරුව වන විටත් කොළඹ වරායට ලැබී නොතිබුණු බවයි. 



අදහස් (5)

සහල් ආනයනකරුවෝ ඉදිරි ඇනවුම් අත්හිටුවති

යෝගා Friday, 13 December 2024 06:00 PM

මෝල්කාරයෝ එක්ක ඩීල් එකක් නැත්නම් හාල් ප්‍රශ්නය මෙච්චර ඔඩු දුවන්නේ ඇයි?

:       26       37

දසනායක Friday, 13 December 2024 07:21 PM

ඇත්තම කතාව පෞද්ගලික අංශයේ එකම බලාපොරොත්තුව ලාභය පමණයි. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ වෙනස.

:       27       43

සාලිය ඉන්දික මිරිහාගල්ල Saturday, 14 December 2024 05:51 AM

අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ආදරයෙන් කියමි. NPP එකේ නිහතමානිකම නීතිපති ඇතුළු ඔක්කෝම නිවටකමක් කියලා හිතන්නේ... 2/3 බලයක් මිනිසුන් දුන්නේ මේ රට මකලා හරි හදන්න ආණ්ඩුවට කෙලවෙනකල් ඉන්නේ නැතිව මහජන බලය පාවිච්චි කරන්න..!

:       17       6

ප්‍රසන්න Saturday, 14 December 2024 03:18 PM

මොවුන් ඔක්කෝම කළ දුටුකළ වල ඉහගන්න හදන අමනයෝ. ඔය ආනයනය කරන හාල්වලට රජයේ රු 65 බද්ද සමග වියදම කිලෝවකට රුපියල් 200 කට අඩුවෙන් යන්නේ. ඒ නිසා ආනයනික සහල්වලට රු 220 පාලන මිලත් හොඳටම වැඩියි...

:       8       9

සංජීව Sunday, 15 December 2024 05:08 PM

රජයේ ආයතනයක් හරහා සහල් ආනයනය කරන්න බැරිද දන්නෑ... එතකොට පුද්ගලික ආනයන කරුවන් ඕනෙම නෑනේ. පොඩි ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 844 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site