(අංජුල මහික වීරරත්න සහ ටි.කේ.ජි.කපිල)
ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ප්‍රධාන රාජතාන්ත්‍රික හමු හයක් පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය මෙයයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම Sri Lankan Airlines Flight UL 195 යානයෙන් අද පස්වරු 5.30 ට ඉන්දියාවට ළඟා වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයෙහි නිරත වන්නේ ඉන්දීය ජනාධිපතිනී රෞපදී මුර්මු (Droupadi Murmu) මහත්මියගේ ආරාධනයකට අනුවයි.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්වි පාර්ශ්විකව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජදීප් දන්කාර්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී.නන්ද, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවොල් මහත්වරු ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද සහභාගී වෙයි.
ඉන්දීය සංචාරයේ අවසන් දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිතයි.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක්වෙති. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 17 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති ඉන්දියාවේදී ප්‍රධාන රාජතාන්ත්‍රික හමු හයක
Anu viraj Sunday, 15 December 2024 04:34 PM
සුබ ගමන් බුදු සරණයි...!
Manjula Sunday, 15 December 2024 07:08 PM
ෂුවර්නේ මහාචාර්ය...
හීනමානයක් නෙමෙයි මේක නිහතමානයක් Sunday, 15 December 2024 07:14 PM
ජය මංගල ගාථා නොකීවාට කට පුරා මනමාල හිනාව දාලා සුර ළඳුන් මග දෙපස තියාගෙන පිළිගන්නවා...
ඇල්බට් Monday, 16 December 2024 01:06 AM
අතීතයට සමානයි. දහස් ගණනක් පිටුපසින් යනවා. මුට්ටිය අල්ලා ගැනීමට