(මනෝ ප්‍රිය ගුණසේකර)
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට තීරණය කිරීමට පදනම් වී ඇති විද්වත් කමිටුව වාර්තාව අනුව සියලු සිසුන්ට ලකුණු ලබා දුනහොත් ගම්බද ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට දැඩි අසාධාරණයක් වන බවත් ගම්බද ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීමේ ඇති එකම මාර්ගය ශිෂ්‍යත්ව විභාගය බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (16) පෙන්වා දුන්නේය.
අපොස උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය පිටවූ බව හෙළි වීමත් සමඟ එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ පරිදි ශිෂ්‍යත්ව විභාගයේ මෙම ප්‍රශ්නගත ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍රය සඳහා වෙනම ප්‍රශ්න පත්‍රයක් ලබා දී විභාගය යලී පැවැත්විය යුතු බව පෙන්වා දුන් සාලිය පීරිස් මහතා සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ පරීක්ෂණ වලදී ප්‍රශ්න පත්‍රය සැකසීම සඳහා සිටි කමිටුවේ පුද්ගලයකු විසින්ම අදල ප්‍රශ්න පිට කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සඳහන් කළේය.
පසුගිය දා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රය සඳහා වන විභාගය නැවත පවත්වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් වරයාට නියම කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයකට ගත් අවස්ථාවේදී පෙත්ම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා එසේ දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ , කුමුදුනී වික්‍රමසිංහ, සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකගේ මවුපියන් විසින් ගොනුකර ඇති පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.
පෙත්තම විභාගයට ගත් අවස්ථාවේදීපෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් ශිෂ්‍යත්ව විභාගය ඉතා තීරණාත්මක විභාගයක් බවත් එම විභාගයේදී ලැබෙනහැම ලකුණක්ම වැදගත් බවත් කීය.
ගම්බද ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීමේ ඇති එකම මාර්ගය ශිෂ්‍යත්ව විභාගය බව විභාගයේදී යම් අසාධාරණයක් සිදුවුවොත් එයමුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවටම බලපාන බවත් පෙන්වා දුන් ජනාධිපදෙනෙක්න සාලිය පීරිස් මහතා පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බවට තොරතුරු ලැබුණු බවත් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්තියක එම ප්‍රශ්න හා සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් ලබා දී ඇති බවත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් රහස්පොලිසිය කල විමර්ශනවලදී මෙම ප්‍රශ්න පත්‍රය සැකසීම සඳහා සිටි කමිටුවේ පුද්ගලයකු විසින් අදාළ ප්‍රශ්න පිට කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති බවත් කී සාලිය පීරිස් මහතා තම සේවා දායකයින්මෙම පෙත්සම් ගොනු කිරීමෙන් පසු අධ්‍යාපන ඇමතිවරිය විසින් විශේෂඥ කමිටුවකින් පැය 24ක් තුළ කරුණු විමසා ඇති අතර එම කමිටු සාමාජිකයන් විසින් වෙන වෙනම වාර්තා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවද සඳහන් කළේය.
විශේෂඥ කමිටුව ප්‍රශ්න තුනක් පිටවීම පිළිබඳව හැර ඒ සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳව අවධානය යොමු කර නොමැති බවද ප්‍රශ්න පිට කළ බව චෝදනා එල්ල වී ඇති බව කියන ප්‍රශ්න පත්‍ර සැකසුම් මණ්ඩලයේ සාමාජිකයාට සමස්ත ප්‍රශ්න පත්‍රයම නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව සම්බන්ධය එහිදී කිසිදු අවධානයක් යොමු කර නොමැති බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ට ජෙනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් කළ දැනුම් දීමකට අනුව විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බවත් අදාළ කමිටුවේ නිර්දේශය අනුව පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවද කීය.
ජනපති නීතීඥ සාලිය පිරිස් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් නිදහස් ලකුණු ලබාදීම විභාගයට පෙනී සිටි සිසුනට කරන අසාධාරණයක් බවත් ඇතැම් සිසුවකු එම ප්‍රශ්න තුනටම පිළිතුරු ලියා නොමැති හෝ ප්‍රශ්න දෙකකට පමණක් හෝ එක් ප්‍රශ්නයකට පමණක් පිළිතුරු සපයා ඇති අවස්ථාවක එවැනි ලකුණු ලබාදීම අසාධාරණ බවත් පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා තරගකාරි උසස් පෙළ විභාගයෙදීත් එකල පටන්ම මේ විදියේ ලකුණු දුන්නා. සියලු දෙනාටම එම ලකුණු දීමත් කිසිවකුට එම ලකුණු නොදීමත් එක හා සමානයි. මෙහි කිසිඳු අයකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. නැවත විභාගය තියලා තිබුණු එකටත් වඩා අමාරු වුණොත් ළමයින්ගේ මානසිකත්වයට වෙන හානිය ඊට බරපතළයි. වැඩිහිටි මොලවලට ඒක තේරෙන්නේ නැත්ද.. ළමා හිමිකම් කෝ...?
හැමදාම කලේ ඉගෙන ගන්න නොදුන්නු එකනේ. පුද්ගලික විශ්ව විද්‍යාල හදන්න දුන්නේ නෑ. විශ්වවිද්‍යාල දුවන්න දුන්නේ නෑ... හැමදාම ස්ට්‍රයික් කෙරෙව්වා. නවකවදය දුන්නා... දීලා අහිංසකයෝ මැරුවා. එහෙම කරලා තමන්ට හොර උපාධි හදාගත්තා.
කන්නන්ගර මැතිතුමන් ගම්බදව සිටින අහිංසක බුද්ධිමත් දරුවන්ට පහසුකම්වලින් පිරුණු පාසල් අධ්‍යාපනය දීමට ඇතිකල ශිෂ්‍යත්ව විභාගය දැන් කාලයක සිටම අවභාවිතා කෙරෙනවා කියලා පේනවා අලුත් පාලකයෝ කොළඹට කිරි ගමට කැකිරි දෙන්න තමයි උත්සාහයක යෙදෙන්නේ කියලා සැකයක් ඇතිවෙනවා... තවත් එවැනිම දෙයක් තමයි ඡන්ද කාලයේ කියූ සෑම දරුවෙකුටම නිවසේ සිට කිලෝමීටර් තුනක් ඇතුලත පාසලකට යවනවා කීම. ඒක හරියට ළිඳේ ඉන්න ගෙම්බෝවගේ පිරිසක් ඇතිවීමට හේතුවක් වෙනවා.. නැත්නම් හැඳි නොගා හදන හොද්දක් වගේ පිරිසක් ඇතිකිරීමට හේතුවක් වෙනවා...
කරෝලිස්, ඔබ කියන දේ මමද එකසේ පිළිගනිමි. සරසවිය තුළදීද අවුරුදු 4ක් පුරාවට එය සත්‍ය සේ අත්වින්දෙමි. නමුත් ලංකාවේ සාමාන්‍ය ජනයාට ඔවුන්ගේ සාමූහික වීම නවමු අත්දැකීමක්ය. නමුත් කල්යත්ම ජනතාව ඔවුන් හරි හැටි හඳුනාගනු ඇත. මන්ද යත්, මමද සරසවියේ පළමු අවුරුද්දේදී ඔවුන්ගෙන් එකෙකුය. දැන් මා හොඳින් හඳුනමි.
මේ ගැටළුව විසඳීමට ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම පැවැත්වීමට වඩා ප්‍රශ්න ගත ප්‍රශ්න 3 වෙනුවට පමණක් විභාගය පවත්වා, ඒ උත්තර පත්‍ර ලකුණු සහ ලියන ලද අනෙක් ප්‍රශ්නවල උත්තරවල ලකුණු එකට එකතු කර සමස්ථ ප්‍රතිඵල දැක්වීම කාලෝචිත බව අපගේ අදහසයි. මෙයින් කිසිඳු ළමයෙකුට අසාධාරණයක් සිදු නොවන බව අපගේ අදහසයි. උද්ගත වූ ගැටළු සහගත ප්‍රශ්න 3 ට පොදුවේ සියලු දෙනාට ම ලකුණු දීම කිසිඳු විද්‍යාත්මක පදනමක් නැත. මේ කිසිඳු වංචාවකට සම්බන්ධ නොවන ළමයෙක් එම ප්‍රශ්න 3 නිවැරැදි සහගත ලෙස ලියා ශිෂ්‍යත්ව අවම කඩඉම් ලකුණු ප්‍රමාණය ලබා ඇතැයි සිතමු. තවත් ළමයෙක් ඒ ප්‍රශ්න 3 වැරදි සහගත ලෙස ලියා අවම කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා එක් (1) ලකුණක් අඩුවෙන් ලබා ඇතැයි සිතමු. නිවැරැදි ලෙස ලියූ ළමයාට ඒ ප්‍රශ්න 3 ලකුණු ලැබී ඇත. සියලු ළමයින්ට ඒ ප්‍රශ්න 3 ලකුණු ලබා දීමේදී ඉහත කී වැරැදි ලෙස ලියූ ළමයාට ලකුණු එකතු වීමෙන් අවම කඩඉම් ලකුණු ගත් ළමයාට වඩා ලකුණු අගය ඉහළ යා හැක. සියලු ළමයින්ට ඒ ප්‍රශ්න 3 ට ලකුණු දීම කරනවා නම් ඒ ප්‍රශ්න නිවැරැදි ලෙස ලියූ ළමයින්ගේ ද ලකුණු කපා හළ යුතුයි. නැතිනම් කිසිඳු විද්‍යාත්මක පදනමක් නැත...
ලකුණු කපා හැර සියල්ලන්ට ම ඒ ප්‍රශ්න 3 ට ලකුණු එකතු කිරීම ද කිසිඳු විද්‍යාත්මක පදනමක් නැති බව අපගේ අදහසයි. මේ උභතෝකෝටික ප්‍රශ්නය බලධාරීන් හමුවට පැමිණ ඇත...
කළ යුත්තේ එම ප්‍රශ්න තුන අවලංගු කර අනෙකුත් ප්‍රශ්න සඳහා 100 ලෙස සලකා ලකුණු ලබා දීමයි.