
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයා දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙයයි.
මෙවර ඉන්දීය සංචාරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී හමුවීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරයා දෙසැම්බර් 27 වැනිදා අතල් බිහාරි වජ්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිතව ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සතියකට වැඩි කාලයක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව දැන ගන්නට තිබේ.ඉන්දියාවේ පෞරාණික ස්ථාන නැරඹීම සඳහා මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා වැඩි කාලයක් වෙන් කර තිබෙන බවද දැනගන්නට ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් නොවැම්බර් 21 වැනි දා සිට 30 වැනි දා දක්වා ඉන්දීය සංචාරයක නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කරන්න වැඩකුත් නෑනේ. ඉතින් සාගලවත් අරං රවුම් ගහලාවත් හිත සනසාගන්න. පලපුරුද්දක් තියෙන්නේ ඒවාටනේ. එනකොට ජාතික ලැයිස්තුත් කෙලවිලා පක්ෂයත් නැතිවෙලා තියෙයි...
මොකක් හරි යටිකූට්ටු වැඩකට වෙන්ඩැති. කලිනුත් ගිහින් සෑහෙන කාලයක් උන්නා...
මහබැංකු බැඳුම්කරයෙන් හොරාකාපු ප්‍රකෝටි ගණන් අපේ මහජන මුදල් වලින් තාමත් යන පින් රට සවාරි තමයි මේවා.
මේකේ කමෙන්ට් කරලා තියෙන පහුගිය කාලේ ගෝඨාභයට කඩේ ගිහින්, දැන් ජේ.වී.පී යට ණයට කහින ගොබ්බ රැල දන්නා දේවල් වලට ආ වඩා නොදන්නා දේවල් බොහෝ බව පෙනෙන්නට තිබේ. රනිල් වික්‍රමසිංහ නම් පරිණත දේශපාලඥයා කරන ලද දේවල් නොවන්නට ඔය කට මැත දොඩවන උන්හට ආණ්ඩු කරන්න රටක් ලොවෙත් නැති බව මතක තබා ගත යුතුයි...!
බණ්ඩා කොළඹ ඇවිත් වගෙයි.
මේ වගේ යටිකූට්ටු වැඩ කරන අය පළාතකටවත් ගෙන්න ගන්න එකක් නැහැ. මෙයාගේ මොන දේශනාද?
ලෝකෙට පරකාසේ... ලන්කාවට මර ගාතේ. හොරුන්ද, දූශිතයින් ආරාක්ශා කරන් හිටියා ජනතාවට. බදු පටවමින්. දැන් යනවා උගතුන්ට දේශනා දෙන්න. පස්වෙනි වසරේ දරුවාට වැඩිය ටිකක් දැනුම ඇති. නැත්නම් රටේ නායකයා රටට මේ වගේ දේවල් කරයිද? කොන්ද පන නැති අය. දැන් හොරුන්ට කඩේ යන්න විදියක් නැතිව. කොන්ද වෙව්ලනවා. අනිත් රටවලට ගියොත්. මැරුම්කන්න වෙන නිසා ඉන්දියාවට යනවා. ගෝඨාභයව බලන්නත් යන්න නේපාලයට රටේ මුදල් ටිකක් හොරකම් කරන්... රටකාපු, කොන්ද පණ නැති අය...